පොලිස් නිලධාරීන් හා දේශපාලනඥයන් විදුහල්පතිවරුන්ට බලපෑම් කරමින් පාසල්වල යතුරු ඉල්ලා සිටින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධාන චෝදනා කරයි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලිඛිතව ඉල්ලීමක් කළහොත් හැර පාසල්වල යතුරු පොලිසියට හෝ දේශපාලනඥයන්ට හෝ ලබා නොදීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීන්දුවක් ගත් බව
එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.
පාසල්වල භෞතික සම්පත් සියල්ලේම වගකීම විදුහල්පතිවරයා සතුවන හෙයින්, තුන්වැනි පාර්ශ්වයකට යතුරු බාරදිය නොහැකි බව ද ස්ටාලින් මහතා පැවැසීය. පොලිසිය හා වෙනත් රාජය නිලධාරීන් පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වී පාසල ශුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් කිරීම ආරම්භ කර ඇතැයි ද ඊට ද විරෝධය දක්වන බව ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval