රුසියානු යුද නෞකාවක් සමග එරට නාවික හමුදාවට අයත් සබ්මැරීන යාත්‍රා දෙකක් කොළඹ වරායට පැමිණ තිබේ. රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත්, ‘Gremyashchiy’ යන Corvette වර්ගයේ යුද නෞකාව හා B – 603 සහ B – 274 යන සබ්මැරීනයන්ගෙන් සමන්විත නෞකා බලඝනය මෙලෙස කොළඹ වරායට සේන්දුවී ඇත්තේ පසුගිය (16) සෙනසුරාදාය.
විදේශ අමාත්‍යාංශයේ අවසරය සහිතව සැපයුම් ලබාගැනීම සඳහා එම යුද නෞකාව මෙන්ම සබ්මැරීන යාත්‍රා මෙලෙස කොළඹ වරායට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබේ. මෙම බලඝණයෙහි ‘Gremyashchiy’ නෞකාව දිගින් මීටර 107ක් වන Corvette වර්ගයේ යුද නෞකාවක් වන අතර, ‘B – 603’ සහ ‘B – 274’ සබ්මැරීන දිගින් මීටර 73කින් යුක්ත වේ.
මෙම බලඝණයට අයත් නැව් මුළුව 2021 ඔක්තෝබර් 17 වන දින කොළඹ නගරයේ ආකර්ෂණීය ස්ථාන නැරඹීමට නියමිතව තිබුණු අතර, 2021 ඔක්තෝබර් 18 වන දින බටහිර නාවික විධානයේ ආඥාපති මෙම බලඝණයේ අණදෙන නිලධාරී සහ අනෙකුත් අණදෙන නිලධාරීන් සමග නිල හමුවක් පැවැත්වීමට ද නියමිතව තිබිණි. සැපයුම් ලබාගැනීමෙන් පසු එම යාත්‍රා සඳුදා(18) නික්ම යෑමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval