තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයකු එම කම්හලේ නිපදවනු ලැබූ ගිනි අවි පහක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් සමග පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් ගිනි අවියක් රුපියල් පහළොස් දහස සහ විසිදහස අතර මුදලකට අලෙවි කරන අතර, එලෙස ගිනි අවි මිලදී ගත් පුද්ගලයන් තිදෙනකු ද තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බලපත්‍ර රහිත ගිනිඅවියක් සමග රන්මිණිතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එදිරිවීර පටබැඳිගේ ජානක කුමාර නමැති 42 හැවිරිදි දඩමස් ජාවාරම්කරුවකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ගිනිඅවි නිපදවන කම්හල පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී කම්මල්කරු විසින් ගිනි අවියක් නිෂ්පාදනය කරමින් සිටි බවත් ඒ සඳහා යොදාගන්නා යාන්ත්‍රික කොටස් කිහිපයක් කම්හල ආසන්නයේ වළදා තිබියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. ඊට අමතරව ගිනි අවි දෙකක්, තුවක්කු බට හතක්, තුවක්කු අච්චුවක් සහ ගිනි අවි නිපදවීමට ගන්නා යන්ත්‍ර දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඔහුගෙන් ගිනි අවි මිලදී ගත් තවත් පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි තුනක් ද සමග තිස්සමහාරාම බෙරලි හෙළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කළු හැන්නදිගේ අසංක නාමල් නමැති 38 හැවිරිදි අයකු, කස්තුරි ආරච්චිගේ චමින්ද නමැති 47 හැවිරිදි අයකු සහ නාඋරුන්නගේ අසංක ලක්මාල් නමැති 28 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සියලුදෙනා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(අමිල සම්පත් ශ්‍රී - තිස්සමහාරාමය )
Comments
Post a Comment
Your comment will be visible after approval