"මෙම සිදුවීම සම්බන්ධයෙන් කාර්යභාර නිලධාරින් තුන්දෙනෙක් මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත් කරලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කරලයි තියෙන්නේ. ඒ කමිටුව හෙට (18 වැනිදා) විමර්ශන ආරම්භ කරනවා. බැලූ බැල්මට පේන්න තියෙන්නේ මේ ගුවන් සේවයේ ගැටලුවක් නිසා මෙම තත්ත්වය ඇති වුණා කියලයි. ඔවුන් ළඟ තිබුණු ක්‍රෙඩිට් කාඩ් එක වැඩ කරලා නැහැ. අපේ යන්ත්‍ර වැඩ නොකර තියෙන්න කිසිම හේතුවක් නැහැ. අපිට ඒකට සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි තහවුරු කරන්නයි අපි හදන්නේ. අපි ළඟ අවශ්‍ය වීඩියෝ දර්ශනත් තියෙනවා."
අදාළ කමිටුවේ වාර්තාව මේ සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇතැයි පැවසූ සභාපතිවරයා එම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබා ඇත්තේ එහි ගමනාන්තය වූ මාලදිවයිනේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයක් හේතුවෙන් බවද පෙන්වා දුන්නේය. කොන්ඩෝ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන්වල නිරත නොවන බවද සභාපතිවරයා කියයි.
ක්‍රෙඩිට් කාඩ්පතක් ඔස්සේ ඩොලර් 48ක මුදලක් ලබාගැනීම නියමිත පරිදි සිදුනොකර අදාළ ගුවන් යානය ප්‍රමාද කළ බවට කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන්ට පසුගිය සතියේ චෝදනා එල්ල විය.
(නයන තරංග ගමගේ -Aruna)
පෙර විස්තරය
ජර්මන් ගුවන් යානයක් රඳවාගැනීම නිසා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ජාත්‍යන්තර අප්‍රසාදයට
Comments
Post a Comment
Your comment will be visible after approval