රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවන නමුත් 25 සිට පාසල් කටයුතු වලට සහභාගීවීමට තීරණය කළ බව  ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර මාධ්‍ය හමුවකදී දන්වා සිටියේය.





වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව සිදු කළ වැඩ වර්ජනයට දින 106 කට පසු අවසන් කර ඔවුන් නැවත වැඩ පටන් ගනු ඇතැයි වාර්තාවේ.

 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබූ අතර ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන්,

"ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා පැහැදිලි තීරණයක් ගත්තා, රජය විසින් මේ බලධාරීන් විසින් කැඳවන දිනයක් වු 21 වනදා සිසුන් 200කට අඩු පාසල්වල සේවය කරන ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක්.
නමුත් අපි 25දා පාසල් ආරම්භ කටයුතු සඳහා සහභාගි වනවා. 25දා සිට සහභාගි වුවද ඉදිරියේ දී තවත් වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් සිදු කිරීමට නියමිතයි."