Amendments-to-the-Kandyan-Marriage-and-Divorce-Act-to-prevent-marriages-under-18-years-of-age

වයස අවුරුදු 18ට අඩු තැනැත්තන්ගේ විවාහ වැළැක්වීම සඳහා වූ තහනම බලාත්මක කිරීමේ අරමුණින් අධිකරණ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ උඩරට විවාහ සහ දික්කසාද පනතටද අවශ්‍ය සංශෝධන ගෙන ඒමට නියමිත බව වාර්තා වේ.  උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන්ගේ විවාහ සඳහා අවම වයස අවුරුදු 18ක් වන බවට විධි විධාන සැලසීමේ අරමුණින් බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා මාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනත්තේ දෙවැනි කොටස පරිච්ඡින්න කිරීමටත්,
එකී පනතේ අනුකූලතා ඉවත් කිරීම සඳහා අනෙකුත් ආනුශාංගික සංශෝධන සිදු කිරීමටත් යෝජනා කිරීමට නියමිතය.



උඩරට විවාහ සහ දික්කසාද නීතියේ දෙවැනි කොටස යටතේ උඩරට නීතියට යටත්වන බාල වයකරුවෙකුගේ විවාහයට නිසි බලධාරියෙකුගේ එකඟතාව අවශය වන බවට නියම කර ඇති නමුත්, 1995 අංක 19 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනත මගින් නීත්‍යනුකූල විවාහයක වයස අවුරුදු 18 දක්වා වැඩි කර ඇත.1995 අංක 18 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත මගින්ද මීට සමාන විධිවිධාන විවාහය ලියාපදිංචි කිමේ ආඥා පනතට එක් කර ඇති අතර, ඒ අනුව ගිවිසගත් විවාහයක්,

විවාහයේ දෙපාර්ශ්වයම වයස අවුරුදු 18 සම්පුර්ණ කර ඇත්නම් මිස වලංගු නොවන බව දැක්වේ . 1997 අංක 12 දරණ විවාහය ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත මගින් විවාහ ලීයාපදිංචි කිරීමේ ආඥාපනතේ 22වැනි වගන්තිය සංශෝධනය කර ඇති අතර, ඒ අනුව බාල වයස්කරුවන්ගේ විවාහය සඳහා මාපිය කැමැත්ත අවශ්‍ය බවට නියම කර තිබේ. නමුත් ගුණරත්නම් එරෙහිව රෙජිස්ට්‍රාර් ජනරාල් 2 ශ්‍රී නිවාස 302 නඩුවේ තීන්දුව අනුව
 

"සංශෝධිත වගන්තිය ක්‍රියාත්මක වන දින සිට වයස අවුරුදු 18ට අඩු පාර්ශ්වයකට ශ්‍රී ලංකාවේ වලංගු විවාහයකට ගිවිස ගැනීමට නොහැකිය. එය විවාහය සම්බන්ධයෙන් වූ නියත තහනමක් වන බැවින්,

එවැනි විවාහයක් සඳහා මාපිය අවසරය හෝ කැමැත්ත තිබීම නීතිය ඉදිරියේදී වලංගු නොවේ"

යැයි සඳහන් වේ.


එම නිසා ඉහත නඩු තීන්දුවට අනුකුලව. නිසි බලධාරියෙකුගේ එකඟතාව සහිතව බාලවයස්කරුවෙකුගේ විවාහයට බලය ලබාදෙන නීතිවල අදාළ වගන්ති පරිච්ඡින්න කිරීමට ගනු ලබන පියවර වශයෙන් උඩරට විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට නියමිතය.

(නවෝද්‍ය පවනි)