හොරණ කොළඹ මාර්ගයේ කොහුවල හන්දියේ මේ දිනවල ගුවන් පාලමක වැඩ ඇරඹී තිබේ. මේ හේතුවෙන් මෝටර් රථ යතුරු පැදි ඇතුළු සාමාන්‍ය ජනතාව යන එන වාහන ලබන ඔක්තෝබර් 21 වනදා සිට
දෙසැම්බර් මස 20 වනදා දක්වා මාස 2 ක් නවතා දමන අතර පොදු ප්‍රවාහන බස් රථ පමණක් ධාවනය වනු ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටින්නේ කොහුවල ගුවන් පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් වලට සහාය දක්වමින් මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.
Comments
Post a Comment
Your comment will be visible after approval