219-kilograms-of-turmeric-worth-Rs.-1.3-million-seized-at-Army-roadblock
අද  (18) දින කුංචිකුලම් යුද්ධ හමුදා මාර්ග බාධකයේදි සිදු කළ පරීක්ෂාවකදී මිට්සුබිෂි කැන්ටර් වර්ගයේ ලොරි රථයකින් නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කළ කහ  කිලෝ ග්‍රෑම් 219 ක් අල්ලාගන්නට හැකි විය.


මන්නාරම  කුංචිකුලම් යුද්ධ හමුදා මාර්ග බාධකයේදි සැකකරුවන් දෙදෙනෙකුත් නීතී විරෝධී ලෙස කහ ප්‍රවාහනය කරසමින් සිටියදී මෙසේ හසුවිය.
54 වන පාබල සේනාංකයේ 542 පාබල බලසේනා මුලස්ථානයට අයත් 15 (සෙව්) ගැමුණුහේවා බළකායේ  භට පිරිස් මෙම වැටළීම සිදු කරන ලදි.
අත්අඩංගුවට ගත් කහ තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 1.3 ක් පමණ වන අතර  එම කහ තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ලොරි රථය වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.