අද රාත්‍රී 7.30ට ඕමානයේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගය ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පවතියි.
අද තරගය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් යූටියුබ් නාලිකාවක් සමග එක්ව මෙසේ කියා තිබුණි.
‘කොල්ලො ටික ලෑස්ති. ඔක්කොම කන්ෆිඩන්ස්. පහුගිය දවස් කිහිපය හොදින් පුහුණුවීම් කළා. මහේලගේ පැමිණීම ඒ අයට විශාල මානසික ශක්තියක්. මොකද මහේල කියන්නේ වර්ථමානයේ ඉන්න හොදම පුහුණුකරුවෙක්. හොද ක්‍රිකට් මොළයක්. අද නෙලන්න තමයි ඉන්නෙ නැමීබියාවට.....
ඒ වගේම කියන්න ඕන බන්දුල වර්ණපුර මහතාගේ අභාවය පිළිබඳව ගොඩක් කණගාටුවට පත්වෙනවා.
ඔහුගේ සමුගැනීම කණගාටුවට හේතුවක්.. සුන්දර නිහතමානී පුද්ගලයෙක්.‘
Comments
Post a Comment
Your comment will be visible after approval