Yohani-releases-first-song-of-T-Series-label-for-Hindi-movie-on-YouTube

ඔක්තෝම්බර් 1 දා ඩිස්නි+ හොට්ස්ටාර් හිදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන Shiddat චිත්‍රපටයේ ගීතයක් ශ්‍රී ලංකා ගායිකා යොහානි ලවා නැවත ගායනා කර එය චිත්‍රපටයේ ප්‍රවර්ධනයට යොදා ගැනීමට සුප්‍රකට සංගීත සමාගමක් වන ඉන්දීය ටී සීරීස් T-Series සමාගම කටයුතු කර තිබෙන අතර අද (28) එය යූටියුබ් වෙත එළි දක්වන ලදි. 


හින්දි බසින් ගැයෙන මෙම ගීතයේ චිත්‍රපටයේ ඇතුළත් මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.
යොහානි ‘මැණිකේ මගේ හිතේ’ ගීය නිසා ඉන්දීය යූටියුබ් රසිකයන් අතර ප්‍රකටව ඇති නිසා ඇය ලවා මෙම ගීතය නැවත ගායනා කරවාගෙන සමාජ මාධ්‍ය තුළ චිත්‍රපටයේ ප්‍රවර්ධනය පිණිස එය උපයෝගී කිරීමට ටීසීරීස් සමාගම බලාපොරොත්තු වේ.
Shiddat Title Track (Official Female Version) පහතින් පළවේ.