channa-jayasumana-range-rover

එන්නත් ගෙන්වීම හා විදේශ කොමිස් මුදල් ගැන විවිධ කථාබස් අතරේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ ඔහුගේ බිරිය එක්ව අධික මිලැති රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලට ගැනීමට සොයා බැලීම් කර ඇති බවත් ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි ‘චිත්‍රසුමන මෝටර්ස්‘ නමැති  පුද්ගලික කාර් සේල් ආයතනයකට ගොස් ඇති බවත් සමාජ මාධ්‍ය තුළ වාර්තා පළව තිබේ.

මෙම කරුණු සම්බන්ධ ලියවිලි පෙන්වමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්ඡාවකදී අදහස්ද පළ කළේය.
ඒ සම්බන්ධ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර ඇත්තේ, අමාත්‍ය චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ කිසිඳු විටක තම ආයතනයෙන් වාහනයක් මිල දී ගෙන නොමැති බවයි.
අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ කෙදිනක හෝ තම ආයතනයට පැමිණී බවක් ගැන නො දන්නා එහි දන්වා ඇත.
එලෙස පැමිණි දිනයක සී.සී.ටී.වී සටහන් පවතින බවට සිදු කරන ප්‍රකාශ ද අසත්‍ය බව දන්වා ඇත.
තම ආයතනයේ නම අවභාවිත කරමින් වෙබ් අඩවිවල පුවතක් පලවීම හා එම පුවත අලලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙන බවත් මාධ්‍ය සාකච්ඡාවල පැවසූ පරිදි සිය ආයතනයේ කිසිඳු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ නො මැති බවත් දන්වා ඇත.

අදාළ නිවේදනය පහතින්