
චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ තිර පිටපත් රචකයෙකු වන සුමිත් රෝහණ තිත්තවැල්ලගේ මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද දින ජීවිතක්ෂයට පත්විය.
මිය යන විට ඒ මහතා 48 වන වියේ පසු විය.
කලක් පිළිකාවකින් පීඩා විඳි ඔහු කෝවිඩ් වෛරසයේ ගොදුරක් බවට පත්ව දිවිසැරිය නිම කළේය.
පිංකෙත,සසර සුවහස්', සඳගිර, සපිරිවර, අරුණලු කිරණ, දඩකෙළි අරණ, රන්හිරු රැස් ආදි ටෙලි නාට්‍ය ගණනාවක අධ්‍යක්ෂවරයා වූයේ ද සුමිත් රෝහණ මහතායි. ‘සත් හිරු පායයි‘ ඔහු අවසන්වරට කළ ටෙලි නිර්මාණයයි.
ස්තුතියි නැවත එන්න, පුංචි අන්දරේ ඔහුගේ සිනමා නිර්මාණ අතර තිබේ.
මීට වසර 4 කට පෙර එළිදුටු පුංචි අන්දරේ චිත්‍රපටයේ ගීතයක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval