වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී පවුල් ආරවුලක් අතරතුරදී පියෙකුට තැබූ වෙඩිල්ලක් වැරදීමෙන් ඔහුගේ පුතුට වැදී 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර  අද වලස්මුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙයි. 


 වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  සුද්දා නම් අයෙකි. ඔහුගේ සගයා සහ ඔහු  වීරකැටිය ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට පත්විය.


ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි බව වාර්තා විය.
මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අලුයම වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය. පසුගිය 19 වනදා වීරකැටිය ගජනායකගමදී ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් එක් පාර්ශවයක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට පත්විය.
සිසුවාගේ අවසන් කටයුතු අද සිදුවිය.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
වීරකැටියේ පවුල් ආරවුලක් මැද සිටි 14 හැවිරිදි දරුවා වෙඩි වැදී මරුට