
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා විය.
බන්ධනාගාර තුළ ඇතිවූ විනය විරෝධී හැසිරීම් ප්‍රචාරය වීම නිසා මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇතැයිද මේවන විට ඉතාලියේ සිටින අගමැති එහි සිට අමාත්‍යවරයාව ඉවත් කරන්නයි නියෝග ලබා දී ඇතැයිද මීට පැයකට පමණ පෙර වාර්තාවී තිබුණි.
අගමැතිවරයා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද දැනුම් දී ඇති බවද ඒ සමගම වාර්තා විය.
නව රජය යටතේ ඇමතිවරයෙකු ඉල්ලා අස්වූයේ පළමු වතාවටය.
අදාළ ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval