
මෙම වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරූ තරගයකදී පසුගියදා ආන්දෝලනාත්මක පුවත් සමග එම කිරුළ දිනාගනු ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් අලුතින් කථාබහක් මතුව තිබේ.
රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමග වැලිකඩ සිරගෙදර එල්ලුම් ගස නැරඹීමට ඇය ගිය බවක් හා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු බීමත් පිරිසක් බන්ධනාගාරය වෙත ගිය වාහනය පදවාගෙන ගියේ ඇය බවට ඉඟි කෙරෙන ප්‍රවෘත්ති අද දින ජාතික පුවත්පත්වල පළවී ඇත. කෙසේ නමුත් ඇයගේ නම සෘජුව ඒවායේ සඳහන් නොවේ.
මෙම කටකතා පැතිරෙද්දී පුෂ්පිකා ඇයගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සිය රසිකයන් වෙත පණිවිඩයක් ලියා තබා ඇති අතර එය පහතින් දැක්වේ.

රාජ්‍ය ඇමති ලොහාන් හා රූපරාජිනිය ඇති කළ බන්ධනාගාර කලබල ‘ද මෝර්නිං‘ හෙළිදරව්ව
Comments
Post a Comment
Your comment will be visible after approval