lohan-ratwatte-investigation

හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරකරුවන්ට සිදුකර තිබූ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එය මෙම ලිපිය අග දක්වා ඇත.
ඒ අනුව යමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය ලිපියක් ලියමින් මෙම සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකවන ලෙස දන්වා තිබේ.

මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා සඳහන් කළේ රාජ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැනටමත් නිවේදනයක්නිකුත් කර ඇති බවත් එහිදී අදාළ ඇමතිවරයා වරදක් කර ඇති බව දක්වා ඇති බවත්ය. ඔහු දැනටමත් එක් ඇමති ධූරයකින් ඉවත්ව ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බව සුමන්තිරන් මහතා පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ රාජ්‍ය ඇමතිවරයා දරන සියලුම තනතුරු වලින් වහාම ඉවත් කිරීම අවශ්‍ය බව දන්වා සිටින්නේ ඔහු අතේ තවමත් පෙර කී පිස්තෝලය තිබෙන බවත් ඒ සමගම බලයද තිබෙන බවත් නිසාය.
මෙම සිදුවීම සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීම පොලිසියේ යුතුකම බවත් සිරගෙදරක්  ඇතුලේ මේ ආකාර හැසිරීමක් සිදු කිරීම ඉතා සංකීර්ණ තත්වයක් බවත් ඔහු කීය.
ඔහු ඒ ගැන කියූ වීඩියෝව පහතින්