
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූයේ පරීක්ෂණ අවසන් වනතෙක් තාවකාලිකව බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද 17 පවසා තිබේ.
යම් කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය සහ විපක්ෂයේ දේශපාලඥයන් චෝදනා කළ බවත් ඒ චෝදනාව පිළිබඳව සිදුවන පරීක්ෂණයට සහය දීමේ අවශ්‍යතාවය මත එම පරීක්ෂණය අවසන් වෙනතෙක් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව ඔහු කීය.
පෙර රජයෙ මෙවැනි අවස්ථාවල ඇමතිවරු ඉල්ලා අස්වූයේ නැති බවත් මෙම රජයේ එසේ සිදුවන්නේ ජනතාවට වගකියන නිසාත් බව පෙන්වා දුන් ඇමතිවරයා එවැනි සිදුවීමක් සිදුවූයේද යන්න තවම නොදන්නා බවත් එවැන්නක් සිදුව ඇතිනම් පියවර ගැනීමට පසුබට නොවන බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් මීට පෙර වාර්තාවී තිබුනේ හිංසනයට ලක්වූ අනුරාධපුර සිරකරුවන් මුණගැසීමට අනුරාධපුර බන්ධනාගාරයට නාමල් ඇමතිවරයා යාමට සූදානම්වූ කතාවකි.
නාමල්ගේ හඩ පටය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval