🔥 නිරෝධායන ඇඳිරිනීතිය තවත් දින 10 කට - ඔක්තෝබර් 1වනදා දක්වා දීර්ඝ කෙරේ

Ad Code

🔥 නිරෝධායන ඇඳිරිනීතිය තවත් දින 10 කට - ඔක්තෝබර් 1වනදා දක්වා දීර්ඝ කෙරේ

covid19-government

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට  අද දහවල් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනපතිවරයා තීරණය කර තිබේ.  ඒ අනුව රට විවෘත කරන දිනය ලබන 21 නොව ඊළඟ මස 01 වනදාය.දින 10 ක් කල් දමා ඇත.

එදින දක්වා අත්‍යවශ්‍ය සේවාවන් දිගටම ක්‍රියාත්මක බවත් නව සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධ නිවේදනයක් ඉක්මනින් නිකුත් කරන බවත් සෞඛ්‍ය ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා ඇත.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු සංචාරය ලබන සතියේ යෙදී ඇති අතර මේ කාලය තුළ ඔහු ඇමරිකාවට ගොස් යළි පැමිණීමද ඒ අනුව සිදුවනු ඇත.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu