lohan-inside-report

බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධ සිද්ධිය මේ වනවිට යට ගසන්නට උත්සාහ දරන තවත්
‘සති දෙකේ මාතෘකාවක්‘ බවට පත්ව ඇතැයි ඇතැමුන් කතාබහ වන නමුත් ඒ පිළිබඳ රජය තුළ ඇතිකර තිබෙන අවුල් සහගත තත්වය වෙනස්වී නැතැයි දැනගන්නට ලැබේ.
ජනාධිපති කාර්යාලයේ රැස්වීමක සිටියදී මෙම සිද්ධිය ජනාධිපතිවරයාට වාර්තා වී තිබෙන අතර ඒ ​මොහොතේම ජනාධිපතිවරයා සිය ආරක්ෂක ප්‍රධානියකුට කතා කර ඒ ගැන විමසා සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තාවක් ද කැඳවූ බව දැනගන්නට ලැබේ.
 සමාජ ජාලාවල සිද්ධිය ගැන විවිධ කතා හුවමාරුවීමත් සජිත් ප්‍රේමදාස නීතිඥවරුන් කැඳවා රාජ්‍ය ඇමතිවරයාට එරෙහි නීතිමය පියවර ගැනීමට කළ සාකච්ඡාව ගැනත් එම බුද්ධි අංශ වාර්තාවේදී හෙළි කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නේවාසික නියෝජිතවරිය ද මීට ක්ෂණික ප්‍රතිචාර දක්වා තිබීම ගැටලුව තීව්ර කෙරිණි. ඒ වනවිටත් ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව සම්බන්ධ අයහපත් වාර්තා එලිදකිමින් සිටින මොහොතක මෙම සිදුවීම ජාත්‍යන්තරය තුළට යාමේ අවධානමක්ද මතු විය.



 ලොහාන් රත්වත්තෙ බලවත් වරදක් කර ඇතැයි යන මතයේ ජනාධිපතිවරයා සිටි බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සමගද ජනපති මේ ගැන සාකච්ඡා කර තිබෙන අතර ‘මේ ගැන මං තීරණයක් ගන්නවා‘ යයි පවසා ඇති බවද වාර්තා විය.කමිටුවක් පත් කර මේ ගැන ඉදිරියේදී සොයා බැලිය යුතු බවටද යෝජනා කර ඇත.

මේ අතරතුර එදින දහවල් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන සමාව ඉල්ලමින් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද වාර්තා විය.

‘‘ඉල්ලා අස්වෙන එක හොඳයි. කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ’’ ජනාධිපතිවරයා කියූ බවද ඊට එහා බැණවැදීමක් සිදුවී නැතැයිද ඒ සමගම වාර්තා විය.රාජ්‍ය අමාත්‍යවරයාට කතා කර තනතුරෙන් ඉවත් වන ලෙස අගමැති මහින්දද ඒ වනවිට දැනුම් දී තිබූ අතර ජනපති සමග කතාබහෙන් පැයක් ඇතුළත ලොහාන් සිය ඉල්ලා අස්වීම ප්‍රසිද්ධ කළේය.

අගමැතිවරයා මෙරටට පැමිණි පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වී රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මේ වනවිට වාර්තාවේ.

මේ අතර ආන්දෝලනාත්මක සිදුවීම සිදුවූ අනුරාධපුර බන්ධනාගාරයට  සහෝදර අමාත්‍යවරුන් කිහිපදෙනකුද සමග  බ්‍රහස්පතින්දා ගිය නාමල් රාජපක්ෂ එහිදී සිදු කර ඇත්තේ ඉදිරියට මෙම ප්‍රශ්නය තවත් දුරදිග නොයා බේරාගන්නට උත්සාහ දැරීමක් බවට ආරංචි පැතිර තිබේ.
ද්‍රවිඩ සිරකරුවන් හමුවූ නාමල් ‘‘ජනාධිපතිතුමාත් ඔයගොල්ල හිරේ තියාගෙන ඉන්න කැමති නැහැ. කඩිනමින් නඩු අවසන් කරනවා. දෙමළ ජාතික සන්ධානය කියන විදියට නටන්න එපා කියන්න මොනවද  ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න...මම ගෙදරක් හදලා දෙන්නම්’’ ඇමැතිවරයා  කියා තිබේ.



කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම ට්විටර් පණිවිඩය නිකුත් කළ ද්‍රවිඩ ජාතිකත සන්ධානයේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා සහ අනතුරුව අදහස් දැක්වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ ගැන සංකීර්ණ ලෙස කටයුතු කරමින් සිටින බවකි. සිද්ධිය හෙළාදකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් ප්‍රකාශයක් නිකුත් කිරීම සිදුවූයේ සිද්ධියට පසු දිනමය.
රාජ්‍ය ඇමැතිවරයා තමන්ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බව කියන්නේ හිංසනයට ලක්වූ බව කියන සිරකරුවන් 8 දෙනාගෙන් කෙනෙකු  වන මතිඅරසන් සුලක්ෂන් සිරකරුවෙකු වුවත් මහෙස්ත්‍රාත්වරයකු භාරයේ බන්ධනාගාරයේ රැඳී සිටින නිසා ඔහුට අයිතිවාසිකම් පවතී.

මහෙස්ත්‍රාත්වරයකු භාරයේ සිටින සිරකරුවකුට තර්ජනය කිරීම හෝ බැණ වැදීම නීති විරෝධිය. අනුරාධපුර බන්ධනාගාරයේ දී සිදුවූ සංසිද්ධිය ඔහු ඊළඟ නඩු දිනයේදී අධිකරණයට පැමිණිලි කළහොත් ඇමැතිවරයා අධිකරණයට කැඳවීමට වුව මහෙස්ත්‍රාත්ට බලය ඇත.

සුලක්ෂන් සහ වේලන් නමැති එල්.ටී.ටී.ඊ. සිරකරුවන් දෙදෙනාම තමන්ගේ ජීවිත ආරක්ෂාව තර කරන ලෙසත් මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට දන්වා තිබේ.

( Inside Report - gossiplankanews.com )