mahinda-returns-colombo

පසුගිය 10 වනදා ඉතාලියේ බොලොඤ්ඤ නගරයේ සමුළුවක් සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අගමැති මහින්ද රාජපක්ෂ  ඉතාලියේ සමුළුව නිමවීමෙන් අනතුරුව දින කිහිපයකට සිංගප්පූරුවට ගොස් නැවත අද උදේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.




ඉතාලියේ විශ්ව විද්‍යාලයකදී අගමැතිවරයා දේශනයකට එක්වූ අතර අනතුරුව කණ්ඩායම සමග සිටි විදේශ ඇමති ජීඑල් පීරිස් විදේශ ඇමතිවරයා පමණක් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව සඳහා සහභාගීවීමට බැහැරවී ගියේය. අනතුරුව ඉතිරි 16 දෙනාගෙන් කොටසක්  යළි ශ්‍රී ලංකාවට ආ නමුත් අගමැතිවරයා සහ කිහිපදෙනෙකු සිංගප්පූරුවට ගොස් තිබුනේ මීට දින කිහිපයකට උඩදීය.
මාධ්‍ය කිහිපයක් මගින් වාර්තා කර තිබුනේ සිංගප්පූරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගමැතිවරයා පුද්ගලික සංචාරයක නිරතවූ බවයි.
 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඉතිරි පිරිස අද 20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

අලුයම 12.01 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් දින 10 ක සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 (Gossiplankanews.com)