The-husband-killed-his-wife-and-hanged-himself-in-a-turtle-house

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක සිදුවූ භයංකර මරණ දෙකක් සම්බන්ධ පුවතක් අද උදෑසන වාර්තාවී තිබේ.
තමන්ගේ  සහෝදරයාගේ සිරුර නිවසේ කලබලයක් සිදුව ඇති බවත් සිරුරක් බාල්කයේ එල්ලී තිබෙන බවත් පවසමින් 119 හදිසි අංකයට මියගිය අයගේ සහෝදරියක පොලීසියට සිදු කළ දැනුම්දීම අනුව

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂාවකදී පොලිසියට මෙම මරණ හඳනාගන්නට ලැබී ඇත.
මෙම නිවසේ විසූ කාන්තාවගේ සිරුර නිවසේ මෙට්ටයක් මතත් එල්ලී මියයන්නට ඇතැයි සැකකළ හැකි පරිදි සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයකත් තිබී සොයාගෙන ඇත. මියගිය කාන්තාවට පුරුෂයා විසින් උල් ආයුධයකින් හිසට පහරදී ඝාතනය කර ඇති බවට සැක කෙරේ. කාන්තාවගේ මළ සිරුරු නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත ගලන ලේ සහිතව හමුව ඇත.මෙය මරාගෙන මැරුණ සිදුවීමක් බවට සැක කළ හැකි පරිදි සැමියා විසින් ලියා තබන ලද ලිපි දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. එම පුද්ගලයාගේ පියාට සහ සහෝදරියට එම සටහන් තබා තිබේ.
 සුසන්ත කන්දගේ (39 ) හා පියුමි මධුෂිකා ලියනවඩු (28) යන යුවළ මෙම සිදුවීම නිසා මියගොස් තිබේ.
සිදුවීම පිළිබඳ පොලිස් පරීක්ෂණ අරඹා ඇත.