Sri-Lanka-Broadcasting-Corporation-sells-air-time-to-outside-agencies

පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආදායම් ඉපැයීමේ මාර්ගයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් රජරට,රුහුණු,කඳුරට,වයඹ,පිරෙයි හා යාල් එෆ්එම් නාලිකාවන්ගේ ගුවන් කාලය බාහිර ආයතන වෙතලබාදීමට දැන්වීම් පළ කර තිබේ.




මෙම ගුවන් කාලය ලබාදීම පුද්ගලික,රාජ්‍ය හෝ වෙනත් ඕනෑම ආයතනයක් වෙත මුදලට සිදුකරන්නට යෝජිතය. ගුවන්කාලය මිලට ගන්නා අයට ප්‍රමිතියකින් යුත් වැඩසටහන් හා ප්‍රචාරණ සිදුකරගත හැකි බව එම දැන්වීමේ සඳහන්ය. මිල ගණන් හා වෙනත් කොන්දේසි සාකච්ඡා කර තීරණය කරන බවද දන්වා ඇත.
අදාළ දැන්වීම පහත පරිදිය.