නවසීලන්ත පොලිසිය සිකුරාදා ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලකදී "දරුණු අන්තවාදියෙකු" වෙඩි තබා මරා දැමූ බව අගමැති ජසින්ඩා ආඩර්න් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වසර 10 ක් තිස්සේ නවසීලන්තයේ සිටි ශ්‍රී ලාංකික සම්භවය සහිත වූ  අයෙකි. මොහු අයිඑස් අන්තවාදියෙකු වූ බවත් ඔහු ගැන එරට පොලිසිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටි බව ආර්ඩර්න් මහත්මිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පසුපස ගිය පොලිසිය සිතුවේ ඔහු සාප්පු සවාරි යාම සඳහා නිව් ලින් සුපිරි වෙළඳසැලට ගොස් ඇති බවයි, නමුත් ‘විශාල පිහියක් ‘ වැනි යමක් එළියට ගෙන මිනිසුන්ට පිහියෙන් ඇනීමට පටන් ගත්තේය. පොලිසිය ඉදිරිපත්ව ඔහුව මෙල්ල කළේය.
තුවාල ලැබූ හය දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්  ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව පවසයි.
ප්‍රහාරකයා තනිවම ක්‍රියා කරන අයකු ලෙස හඳුනාගත් බවත් මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බවත් පොලිසියට විශ්වාසයක් ඇති බවට පොලිස් කොමසාරිස් කොස්ටර් පැවසීය.
"ප්‍රචණ්ඩ අන්තවාදියෙකු අහිංසක නවසීලන්ත වැසියන්ට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල

කළේය, ඔහු පැහැදිලිවම අයිඑස්අයිඑස් මතවාදයේ ආධාරකරුවෙක්” යැයි ඇය පැවසුවාය.
හඳුනා නොගත් ප්‍රහාරකයා වසර පහක පමණ කාලයක් තිස්සේ පොලිසියේ අවධානයට ලක්ව සිටි බවත් අද දින ඕක්ලන්ඩ් නගරයේදී ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් ඇතුළත ඔහු ඝාතනය කළ බවත් ආර්ඩර්න් මහත්මිය දන්වා තිබේ.

2019 මාර්තු 15 වන දින ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකදී සුදුජාතික තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් 51 දෙනෙකු මරා දැමීමෙන් පසු නවසීලන්තය ප්‍රහාර සඳහා සීරුවෙන් සිටියේය.

සිකුරාදා ප්‍රහාරය 2019 මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීම් සඳහා පළිගැනීමක් විය හැකිදැයි ඇසූ විට අගමැතිනි ආර්ඩර්න් පැවසුවේ එය පැහැදිලි නැති බවයි. ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ පුද්ගලයා පමණක් මිස ඇදහිල්ලක් නොවන බව ඇය පැවසුවාය.
මියගිය අන්තවාදියා ශ්‍රී ලාංකික සම්භවය සහිත අයිඑස් සාමාජික අයකු බවට සියලුම ප්‍රධාන ධාරාවේ විදෙස් මාධ්‍ය මේ වනවිට මෙම සිද්ධිය විස්තර කරමින් වාර්තා කර ඇති අතර එය ලංකාවේ නම ඉදිරියේ ඇති කර තිබෙන්නේ කැළලකි.
සිද්ධිය අවස්ථාවේ සුපිරි වෙළෙඳසැලේ සිටි අයකු උඩුගත කළ වීඩියෝවක් හා ඡායාරූප කිහිපයක් පහතින්