new-minister-family-napotism

මෑතකදී නව ඇමති තනතුරක් ලබා ගත් උසස් දේශපාලන බලවන්තයෙකු ඥාති සංග්‍රහය නිසා කථාබහකට ලක්ව ඇතැයි අද දින ඩේලි මිරර් පුවත්පත දේශපාලන ආරංචි උපුටමින් ඉඟි කර ඇත.


ඇමතිවරයා සිය පුද්ගලික කාර්ය මණ්ඩලය තම පවුලේ සාමාජිකයින් ගෙන් පුරවා තිබීම අමාත්‍යශයේ දැඩි කථාබහක් ඇති කර තිබේ.
කාර්ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා ඇමති බිරිඳ, ඇමති දියණිය සහ ඇමති පුතා විසින් දරන අතර අනෙක් අය ඔහුගේ පුත්‍රයාගේ  තේරීම් ලෙස පත්කර ඇති බව වාර්තා කර තිබේ

ඥාති සංග්‍රහ සිද්ධිය පිළිබඳ කතාව මෙතැනින් අවසන් නොවන බවත් ඔහුගේ බිරිඳගේ සහෝදරයන් තිදෙනාටද ඔහුගේ දේශපාලන බලයට ස්තූතිවන්ත වන්නට පළාත් පාලන ආයතනයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු හිමි වී ඇතැයි වාර්තා කර තිබේ.

මෙම වාසනාවන්ත පවුලේ සාමාජිකයින් හොඳ වැටුප් වලින් මෙන්ම රාජ්‍ය වාහන වලින් ඉන්ධන සහ දුරකථන පහසුකම් වැනි සහන වැනි ප්‍රතිලාභීන් බවට පත්ව ඇති බවද සටහන් වේ.