batuwandara-murder-wife

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී වාර්තාවූ මරණ දෙක සම්බන්ධ සිදුකළ විමර්ශන අනුව මෙය විවාහක යුවළක් අතරට තෙවැනියෙකු පැමිණීමෙන් සිදුවූ අලකලංචියක් බවට කරුණු අනාවරණය වී තිබේ.
 සුසන්ත කන්දගේ (39 ) හා පියුමි මධුෂිකා ලියනවඩු (28) යන යුවළ මෙම සංසිද්ධිය නිසා මිය ගොස් තිබුන අතර පියුමි නිවසේ කාමරයක ඇනුම් පහරකා මියගොස් සිටියදී සුසන්ත බාල්කයක එල්ලී මියගොස් තිබුණි.
පොලිසිය මේ මරණ ගැන දැනගත්තේ මියගිය පුද්ගලයාගේ සොයුරිය ලබාදුන් ඇමතුමක් නිසාය.


වාර්තාවන ආකාරයට මෙම යුවළ වෙනම නිවසක පදිංචිව සිට ඇති අතර ඔවුනට දරුවන් සිට නැත. කාලයක් තිස්සේ ජනක නමැති පුද්ගලයෙකු සමග මෙම පියුමි නමැත්තිය අනියම් ඇසුරක් පවත්වමින් තිබී ඇත.
සිද්ධිය වූ දිනයේ සන්ධ්‍යා කාලයේ මෙම අනියම් පුරුෂයා මෙම නිවසට පැමිණ සැමියා ඉදිරිපිටදීම බිරියට නිවසින් පිටව යන්නට කතා කර ඇති බව හෙළිව තිබේ. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ බිරිය පිටතට ගොස් නැත.
එකී පුද්ගලයා නිවසින් පිටව ගිය පසු සැමියා හා බිරිය අතර දරුණු ආරවුල පැනනැගී ඇති අතර තම බිරිය මරා තමන්ද සියදිවිනසාගැන්මේ කෝපාන්විත හැඟීම සුසන්තට පැනනැගී ඇතැයි අනුමාන කළ හැකිය.

ඔහු මේ විස්තර සොයුරියට යොමු කළ ලියුමක ලියා තබා ඇති මුත් සොයුරියට මේ කාරණාව දුරකථනයෙන් නොකියා පවසා ඇත්තේ නිවසට පැමිණෙන ලෙස පමණි.
කිසියම් හදිසියක් වෙතොත් තමා සහෝදරයාගේ නිවසට යන බව දක්වා සිටි සොයුරිය මෙම නිවසට සන්ධ්‍යා කාලයේ යනවිට සොයුරා එල්ලෙමින් සිටිනු දැක භියට පත්ව ඇති අතර පොලිසියට දන්වා ඇත්තේ එම අවස්ථාවේය.


කෙසේ වෙතත් සොයුරිය පවසන්නේ ජනක නමැති මෙම අනියම් පුරුෂයාට කාන්තාව කැටුව යාමට උවමනාවක් නොතිබූ නමුත් මියගිය පියුමිට ඔහු වෙත යාමට දැඩි උවමනාවක් පැවති බවයි. සම්බන්ධය නතර කර සියල්ල සාමදාන කිරීමට ජනක නමැත්තා එදින පැමිණ ඇති බවද ඇය පවා ඇත.

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂාවකදී පොලිසියට මෙම මරණ හඳුනාගන්නට ලැබී තිබුනේ කාන්තාවගේ සිරුර නිවසේ කාමරයක මෙට්ටයක් මතත් එල්ලී මියයන්නට ඇතැයි සැකකළ හැකි පරිදි සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක් මතත් තිබියදීය. සැමියා විසින් ලියා තබන ලද ලිපිය වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

එම ලියුමේ මෙසේ සඳහන්වේ.

‘අක්කෙ පියුමිලාගෙ තාත්තාට කතාකරල කියහං මම පියුමිව මරල මමත් එල්ලිලා මැරුණා කියලා...මේකි ජනකයා එක්ක යාළුවෙලා ඉඳල තියෙන්නෙ..ඊයෙ මමත් ගෙදර ඉන්න වෙලාවෙ ඇවිල්ල මේකිට යං කියල කතා කෙරුවා..මේකි හැබැයි ගියේ නෑ‘

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
කැස්බෑවේ නිවසක බිරිය මරා සැමියා එල්ලිලා