
නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී සෞඛ්‍ය නීති නොතකමින් මත්පැන් අලෙවිසැල් හා සුපර්මාර්කට් විවෘතකර තැබීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (19) විරෝධතාවක් පැවැත්වුණ අතර එය සිදු කළ අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ.
නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබියදී කිසිදු අවසර ලැබීමකින් තොරව පසුගිය දින කිහිපය තුළ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් ඒවාට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවී ඒවාට අනුබල දීමටත් සාමාන්‍ය කඩවල් වලට අවස්ථාව නොදී සුපර්මාර්කට් පමණක් විවෘත කිරීමටත් විරෝධය පළකරමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද සාමකාමී විරෝධතාවක් පැවැත්වුණා.
කුඩා පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවසර ලබා නොදීම තම අයිතිවාසිකම් සම්බන්ධ අසාධාරණයක් සිදුවන බව ද විරෝධතාකරුවන් කරුණු දක්වන ලදි.
නමුත් එම විරෝධතාව අවස්ථාවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරුණු බව කියමින් පිරිස පාලනය කිරීම සදහා කොටුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ එය නතර කරන ලෙස ඉල්ලා තිබේ.
දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගත් පසුව විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙම විරෝධතාවය සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් සංවිධානය කර තිබූ එකකි.
උද්ඝෝෂකයින් පොලිසියට කුදලාගෙන ගිය අයුරු සිරස වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval