milk-powder-price-hike

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1 ක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තාවේ.
ඊයේ පැවති එම සාකච්ඡාවේදී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවට වන නමුත් 

ලෝක වෙළඳපොළ හා දේශීය වෙළෙඳපොළ තත්ත්වය හා ආනයන බදු සමඟ සමපාත වීම සඳහා අමාත්‍යවරයා සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු කිරිපිටි මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් එකඟ වී ඇත.

ශ්‍රී ලංකවේ මාසික කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,000 ත් 7,000 ත් අතර වන අතර දෛනික පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක් පමණ වේ.

කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක වර්තමාන මිල රුපියල් 945 ක් වන අතර ග්‍රෑම් 400 රුපියල් 380 කට අලෙවි කෙරේ.

මිල ඉහළ දැමීමෙන් පසු කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක නව මිල රු. 1,145 ක් වනු ඇත.