දැනට බලපවත්වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 01 වනදා දක්වා ඉදිරියට දින 11 ක්පමණ ක්‍රියාත්මක විය යුතුය. රජය මගින් නිකුත් කළ මාර්ගෝපදේශ අනුව සුපිරි වෙළෙඳසල් වයින් ස්ටොර්ස් ඇතුළු කඩසාප්පු පසුගිය දිනවල වසා තැබුණ නමුත් මේ වනවිට ඒවා අර්ධ වශයෙන් නොව සම්පූර්ණයෙන්ම විවෘත වී ඇතැයි කොළඹ නුගේගොඩ දෙහිවල හා තදාසන්න නගර වලින් අද 19 ඉරිදා වනවිට වාර්තා විය.


ඇතැම් සුපිරි වෙළෙඳ සැල් පසුගිය දිනවල අර්ධ වශයෙන් විවෘත කිරීමට හෝ ඉදිරිපස කඩදාසි ඉටිකොළ වලින් වසා තොග බෙදාහැරීම පමණක් සිදු කරන ආකාරයක් හඟවා සාමාන්‍ය පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කළ අතර වාහන නවතා තැබීමට අවසර දී තිබුනේ නැත.


නමුත් අද (19) වනවිට සුපිරි වෙළෙඳසල් වාහන අංගන වල වාහන නතර කිරීමට අවසරය මෙන්ම සාමාන්‍ය පරිදි ඒවායේ භාණ්ඩ මිලට ගැනීමට අවස්ථාව ලබාදී ඇත. කෙසේ වෙතත් ඇතැම් තැනක පමණක් සීමිත පිරිසක් ඇතුළට ගෙන ඒ අය පිටව ගිය පසු අනෙක් කොටසට ඇතුළුවීමට අවසර දෙනු දක්නට ලැබේ.
මේ අතර වයින් ස්ටොර්ස් සිකුරාදා විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු කාරී තත්වයක් මතුව ඇතත් ඊයේ සෙනසුරාදාත් අද ඉරිදාත් ඒවා සුපුරුදු පරිදි විවෘතව තැබෙන ආකාරයක් දිස් විය.
ඊට අමතරව ඇතැම් අලෙවි සල් ද සාමාන්‍ය පරිදි විවෘතව ඇති අතර ඇතැම් ඒවායේ ඇතුළුවීම තහනම් වැනි පුවරු සවි කර ඇති මුත් පාරිභෝගිකයින් ඇතුළුවීම සුලබ දසුනක් වී තිබේ.
(Gossiplankanews.com)