sasmitha-dilthushan-death
කොළඹ 05 ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සස්මිත දිල්තුෂාන්(18) නමැති සිසුවකු කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ (15) උදෑසන මිය ගිය බව කළුබෝවිල රෝහල් ආරංචි වාර්තා කරයි.


ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවී පෙර දින රෝහල් ගත කළ බවත් පැය කිහිපයක් ඇතුළත රෝග තත්ව උත්සන්නවූ බවත් ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැරූ සියලු ප්‍රයත්න අසාර්ථක වූ බවත් කියැවේ.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඡායාරූප ශිල්පී සංගමයේ සභාපති හැටියටද කටයුතු කළ සස්මිත එම විද්‍යාලයේ ලියෝ සමාජය, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය ඇතුළු සංගම් ගණනාවක වැඩකටයුතු කළ කැපීපෙනෙන සිසුවෙකු වූ අතර ප්‍රකට ඡායාරූප ශිල්පී ප්‍රියදර්ශන ඉඹුල්ගොඩගේ පුතු විය.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් වයස 30 ට අඩු අයට රජය මගින් තවම හඳුන්වාදී නැති අතර මිලියන ගණනාවකගේ ජීවිත ඒ සම්බන්ධ අවදානමක පවතී. (වයස 15-30 අතර ජනගහණය මිලියන 5කි)