Kusal Janith Perera joins the police

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පොලිස් නිලධාරියෙකු වශයෙන් සේවයට බැඳී අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නට සූදානමින් සිටිතැයි වාර්තා පළව තිබේ.


2009 වසරේ සිට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් ළඟදීම බැඳී පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරනු ඇතැයි හෙළිව ඇත.

කුසල් ට අමතරව භනුක රාජපක්ෂ, චාමර සිල්වා, තිලකරත්න සම්පත්, කිත්රුවන් විතානගේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පොලිස් ක්‍රීඩා සමාජය ආරාධනා කර ඇතැයිද දැනගන්නට ලැබේ.