මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


කරාපිටිය

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත්පැය 24 ක කාලය තුළදී කොවිඩ් ආසාදිත මරණ 12 ක් වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසය මින් කොවිච් ආසාදිත මරණ 7 ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස්වලදී වන අතර මිය යාමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. රෝහලේ කොවිච් වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි 5 දෙනකු මියගොස් ඇත. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 08 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු සිටින බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. මේ අතර ඉකුත් පැය 24 ක කාලය තුළ නව කොවිඩ් ආසාදිත රෝගීන් 48 දෙනකු රෝහලින් වාර්තාවී ඇත.

රුධිර කාන්දුපෙරණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිටි වාහකයකු ඇතුළත්වූ දිනම (24) කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැති සාක්ෂි විභාගයේදී අනාවරණය විය. මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි. මොහු වකුගඩු රෝගියකු වන අතර ඉකුත් 24 වැනිදා රුධිර කාන්දුපෙරණය කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. එහිදී කළ රැපිඩ් ඇන්ටිජන් පරික්‍ෂණයේදී මොහුට කේවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. රුධිර කාන්දුකරණය කිරීමටත් පෙර මොහු මියගොස් ඇත.මොහු කොවිඩ් පළමු මාත්‍රාව ඉකුත් 24 වැනිදා ලබාගෙන ඇත. මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ධක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා විසින් සිදුකරනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුර මහතා සිදු කළේය.



රත්මලාන

රත්මලාන සෞඛ්‍ය වෛද්‍යා නිලධාරී කොට්ඨාසයේ පසුගිය 24 වැනිදා රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේදී පුද්ගලයන් 750 කට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් පුද්ගලයන් 139 දෙනකුටම කොරෝනා වයිරසය ආසාදිත බවට කරන ලද පරීක්ෂණ තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම පිරිස පසුගිය සතිවල කොට්ඨාස මට්ටමින් ස්ථාන කීපයකදී සිදුකල පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට අනුව හඳුනාගත් රෝගී පවුල හා ඔවුන්ගේ ආශ්‍රිතයගේ නිරෝධායන කාලය අවසන්වීමට පෙර සිදුකරනු ලැබූ පරීක්ෂණ වලින් හඳුනාගත් පුද්ගලයන් හා 24 වැනිදා ස්ථාන කීපයකින් අහඹු ලෙස කැඳවාගත් පුද්ගලයන් වෙනුවෙන් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබ ඇත.

නුගේගොඩ
නුන්ගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15 හි මෙන්ම විශේෂ අංශ තුනක නිලධාරින් සහ නිලධාරිනියන් 195 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිතවී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි. වැඩිම ආසාදිත පිරිස වන 34 දෙනකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයෙන්ද නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුද ආසාදිතයන් අතර වන බව එම වාර්තාවේ සඳහන් වේ. මෙම

අතුරුගිරිය
 පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියන් ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකට මෙන්ම කාන්තා උප පොලිස් පරීක්ෂකවරියට වයිරසය ආසාදිතවී ඇති බව එම වාර්ත සඳහන් කරයි. හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල, හංවැල්ල, පාදුක්ක හා බොරලැස්ගමුව පොලිසිවල නිලධාරින් සහ
නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තතා වැඩිදුරටත් සඳහන් කරයි.

බියගම

 බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරින් 16 දෙනකු කොවිඩ් 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බව බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි මහත්මිය ඊයේ (26) පැවැසීය. මෙම වසම් 16 ට ආසන්නම ග්‍රාම නිලධාරීන් වැඩ බැලීම සඳහා යොදවා ඇති බවත් රුපියල් 2000  දීමනාව ලබාදීම හා නිරෝධායන බඩුමලු ලබාදීම ඇතුළු ප්‍රමුඛ රාජකාරි කටයුතු සංවර්ධන හා සමෘද්ධි නිලධාරීන් යොදාගනිමින් අඛණ්ඩව සිදුකරන බවද ඇය කීවාය. බියගම මැතිවරණ කොට්ඨාසයේ පමුණුවිල, පහල බියන්විල බටහිර, මාකොළ උතුර මධ්‍යම, මාකොළ උතුර, පහළ දරණගම, කමලවත්ත, සියඹලාපේ උතුර, තල්වත්ත , බොල්ලෑගල, යබරළුව උතුර, දකුණ, බියගම බටහිර, උලහිටිවල,
මල්වාන නගරය, කඳුබොඩ බටහිර හා නැගෙනහිර යන වසම්වල ග්‍රාම නිලධාරීන් මෙසේ කොවිඩ් 19 වයිරස ආසාදනය වී ඇත.

මධ්‍යම පළාත

මධ්‍යම පළාතේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50,237 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම පළාත තුළින් (25) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයන් සංඛ්‍යාව 528 කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 238 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 207 ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 83 ක් ලෙසිනි. මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයන් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 24,937 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 14,104 දෙනකුද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11,196 ද මේ දක්වා වාර්තා වී ඇත.

දංකොටුව

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාකොට්ඨාසයට අයත් ඇටියාවල සහ මොහොට්ටිමුල්ල යන ප්‍රදේශවල පදිංච 74 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව එම කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ඇටියාවල ජයමාවතේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයා උණ රෝගය. වැළඳීමෙන් ඉකුත් 10 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව 12 වැනිදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස තහවුරුවී ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පෙරේදා (25) මියගොස් ඇති බවද සඳහන්වේ. දංකොටුව ඉහළ මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාව ඉකුත් 24 වැනිදා නිවසේදී මියගොස් ඇති අතර පසුව මරණ පරීක්ෂණය සඳහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

දකුණු පළාත

දකුණු පළාතට අයත් ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන් පෙරේදා (25) අලුතෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1373 සමග දකුණේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48619 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය.ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 473 ක් මාතර දිසාවෙන් ආසාදිතයන් 407 ක් හම්බන්තොට දිසාවෙන් ආසාදිතයන් 388 ක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 46ක් කරාපිටිය රෝහලෙන් ආසාදිතයන් 32 ක් බලපිටිය රෝහලෙන් ආසාදිතයන් 17 ක් කඹුරුපිටිය රෝහලෙන් ආසාදිතයන් 3 ක්, උඩුගම රෝහලෙන් ආසාදිතයන් 2 ක් සහ තංගල්ල රෝහලෙන් ආසාදිතයන් 1 ක් වශයෙන් මෙම ආසාදිතයන් 1373 හඳුනා ගෙන තිබේ.

>
ගිරාඳුරුකෝට්ටේ

කොවිඩ් 19 ආසාදිත පොලිස් නිලධාරීන් පස්දෙනකු ඇතුළු ආසාදිතයන් 72 ක් ගිරාඳුරුකෝටිටෙ පොලිස් වසමෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ ඊයේ (26) සඳහන් කළේය. ගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයේදී මෙම කොවිඩ් 19 ආසාදිතයන් පිරිස හඳුනාගත් බවත්, කාන්තාවන් 48 ක්, පිරිමි පුද්ගලයන් 24 ක් මොවුන් අතර සිටින අතර, ඒ අතරේ අවුරුදු 15 ට අඩු කුඩා දරුවන් දෙදෙනකු සහ දැරියන් තුන්දෙනකු සිටින බවද සෞඛ්‍ය නිලධාරීහු පැවසූහ.දෙහිවල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු, හසලක පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, තෙල්දෙණිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියැදුරකු ගිරාඳුරුකෝට්ටේ පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මෙසේ කොවිඩ් 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පැවැසීය. මේ අනුව අලුත්තරම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් සිදෙනකු, රොටලවෙල ප්‍රදේශයේ නවදෙනකු, හොබරියාව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් තිදෙනකු, ගපෝරුයාය ප්‍රදේශයේ අටදෙනකු, දිවුලපැලැස්ස ප්‍රදේශයේ කොවිච් ආසාදිතයන් දෙදෙනකු, මීගහහේන ප්‍රදේශයේ දෙදෙනකු, අලුයටවෙල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් අටදෙනකු, රත්කිඳ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයකු, තෙල්දෙණියාය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් අටදෙනකු, බෙලගන්වැව ප්‍රදේශයේ පදෙනකු, උල්හිටිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් පස්දෙනකු, ගිරාඳුරුකෝට්ටේ එකොළොස්දෙනකු සහ මිල්ලත්තාව ප්‍රදේශයෙන් කොවිච් 19 ආසාදිතයන් හයදෙනකු මෙසේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවලින් අනාවරණය කරගනු ලැබිණැයි සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් සඳහන් කර සිටියහ.

මුලටියන

මුලටියන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී 25 වැනිදා සිදුකළ රැපිඩි ඇන්ටින් පරික්ෂණ සඳහා යොමු කළ පුද්ගලයන් 180 කින් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයන් හා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් පිරිසක් එම පරීක්ෂණවලට යොමු කළ බවත්, මුලටියන තේ කර්මාන්තශාලාවේ සේවකයන් 102 ක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් එම පරීක්ෂණවල වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ඒ මහතා කීවේය. කොරෝනා ආසාදිතව නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 19 දෙනකු 25වැනිදා දික්වැල්ල හා අකුරැස්ස රෝහලට ඇතුළත් කළ බවත්, මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 150 දෙනකුට අධික පිරිසක් නිවාස වල සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රත්නපුර

රත්නපුර පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් බළන්ගොඩ, කලවාන සහ නිවිතිගල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තිදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන්ජනහකට පමණ කොවිඩ් ආසාදිතව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.උපපොලිස් පරීක්ෂකවරුන්, සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් ද මේ පිරිසට ඇතුළත් බව ද එම ප්‍රකාශකයා පැවැසුවේය. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ද නිරෝධායනයට ලක්කර ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

කළුතර

කළුතර නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී වසන්ත සිල්වා මහතා කොරෝනා ආසාදිත වී කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (25) සවස මිය ගියේය. මිය යනවිට 65 හැවිරිදි වියේ පසුවූ ඔහු එක් දරු පියෙකි.කටුකුරුන්ද කොට්ඨාසය නියෝජනය කරමින් කළුතර නගර සභාවට ඔහු පත්වී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් කොරෝනා මරණ 20 ක් පෙරේදා (25) වාර්තා විය.පොලිස් වසම් මට්ටමින් එම මරණ වාර්තා වූයේ මෙසේය. ඒ හොරණ 01, මොරගහහේන 01, කළුතර දකුණ 03, කළුතර උතුර 02, දොඩම්ගොඩ 01, වරකගොඩ 01, අගලවත්ත 02, පානදුර දකුණ 01, වාද්දුව 01, පිංවත්ත 03, පානදුර උතුර 01 හා හිරණ 02 ක් වශයෙනි.

බේරුවල

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ ස්ථාන දෙකකදී පෙර්දා (25 වැනිදා) පුද්ගලයන් 388 දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 108 දෙක්කු වාර්ත වී ඇතැයි සෞඛ්‍යා අංශ සහ පොලිසිය සඳහන් කරයි. මෙලෙස හමු වූ ආසාදිතයන් අලුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් වසම්වල පදිංචිකරුවන් වන බව කියයි.


පුත්තලම
කොවිඩ් ආසාදිතයන් 70 දෙනෙකු 25 වැනිදා දිනය තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 දෙනෙකු, කල්පිටියෙන් 13 දෙනෙකු සහ වෙන්නප්පුවෙන් ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇත. පුත්තලම සහ නොරොච්චෝලේ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 38 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අතරේ ඉකුත් 25 වැනිදා කොවිඩ් ආසාදිත මරණ 8ක් වාර්තා වී ඇත. පුත්තලමෙන් 1 මරණයක් සහ මරණ 7ක් හලාවත ප්‍රදේශයෙන්ද වාර්තා වී ඇත. කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මියගිය අය අතර හලාවත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකුද වේ.


පොළොන්නරුව
පොළොන්නවරු දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 460කට කොරෝනා වයිරසය වැලඳී ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වන විට කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙවන මාත්‍රාව නොලද පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් පළමු මාත්‍රාව ලබාගෙන මාසයක් ගතව ඇතත් දෙවන මාත්‍රාව නොලැබීමෙන් අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් දෛනිකව ආසාදිතයන් වාර්තාවීමද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත් පෙරේදා (25) දිනයේ පමණක් පුද්ගලයන් 328ක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලෙන් ආසාදිතයන් 6730ක් හඳුනාගෙන ඇති බවත් ඒ අතර පාසල් ළමයින් 460ක් සිටින බවත් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ. කුමාරවංශ අප කළ විමසුමකදී පැවැසීය. ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ මේ වන විට කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා එකක් ලබාගත් ලක්ෂයකට ආසන්න පිරිසක් දෙවන මාත්‍රාව ලබාදීමට දින වකවානු සම්පූර්ණ කර ඇති බවයි. එසේ වුවත් එන්නත් තොග නොලැබීම නිසා මෙම එන්නත් මාත්‍රාව ලබාදීම කල් යා හැකි බවද ඔහු පැවැසීය.


කොළඹ ජාතික රෝහල

කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමත් සමග කොළඹ ජාතික රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කළේ මේ වන විට කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
ජාතික රෝහලේ හෙද නිලධාරීන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ හාරසියයකට අධික ප්‍රමාණයකට මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇත.මෙම රෝහලේ කොවිඩ් ආසාදිතයන් සඳහා වාට්ටු පහළොවක් පමණ වෙන් කර ඇති අතර ඒ හේතුව නිසා අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ගේ සත්කාරක සේවා බිඳ වැටී ඇති බවත් එම රෝගීන් සහ ඔවුන් සමග පැමිණෙන ඥාතීන් දැඩි අවදානමකට ලක්ව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් පෙරේරා සඳහන් කරයි.
එසේම ඔහු මෙහි දී අවධාරණය කරමින් කියා සිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා දීම පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවයි.




ආණමඩුව
මහවැව ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ  කොරෝනා එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් බවට වර්ධනය වී පාසලේ පිවිසුම් ගේට්ටුවෙන් ඇතුල්වීමට උත්සාහ කරන අවස්ථාවේ ඇතිවූ තෙරපීම හේතුවෙන් කීප දෙනකු තැලීම් ආබාධවලට ලක්ව තිබේ.පෙරේදා (25 දා) එම විද්‍යාලයට 5000 කට ආසන්න පිරිසක් එන්නත ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී ප‍්‍රමාණවත් පරිදි එන්නත් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. මෙහිදී එන්නත් ලබා දෙමින් සිටියදී එන්නත් ප‍්‍රමාණය ඇත්තේ සුළු සංඛ්‍යාවක් බව සෞඛ්‍ය අංශ මගින් පිරිස දැනුවත් කර ඇත.  ආණමඩුව කන්නන්ගර විදයාලය අසලට ඒ වනවිටත් එන්නත ලබා ගැනීමට  විශාල පිරිසක් රැස්වී සිටි අතර එහිදී ඇතිවූ බහින් බස් වීමක් පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.  එම අවස්ථාවේ ඇතිවූ ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට එම ස්ථානයේ රඳවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාටද නොහැකි විය. එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පාසල් ගේට්ටුවෙන් පිටතට යෑමට උත්සාහ කරන අවස්ථාවේ කීපදෙනකු තෙරපී බිම ඇද වැටී ආබාධවලට ලක්විය. එහිදී එන්නත් ලබාදීමට හා අනිකුත් රාජකාරිවලට එක්ව සිටි යුද හමුදා සාමාජිකයන් පිරිස සිද්ධිය පාලනය කිරීමට උත්සාහ කළද විශාල පිරිසක් රැස්ව සිටීම නිසා එය ව්‍යර්ථ විය.


යාපනය

යාපනයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා කරමින් පෙරේදා (25 දා)  රෝගීන් 239 ක් හමු වූ බව යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේෂන් මහතා ඊයේ (26 දා) පැවසීය.
රෝගීන් ඉහළ ප‍්‍රමාණයක් හමුවීමත් සමගම යාපනය දිස්ත‍්‍රික්කය තුළ කොරෝනා මර්දන කටයුතු පුළුල් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවද දිසාපතිවරයා පැවසීය.


නුවරඑළිය
නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය නගර සීමාවේ අවු. 30 ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීම ඊයේ (26 දා) නුවරඑළිය මහ නගර සභාවේ නාගරික පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේදී සිදු කෙරිණ.
නුවරඑළිය නගර සභා සීමාවේ අවු. 30 ට වැඩි පුද්ගලයන් 3000 කට ඊයේ දින එන්නත ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සැලසුම් කර තිබූ අතර  එන්නත ලබා ගැනීම සඳහා නුවරඑළිය ප‍්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණයද නොතකා 5000 කට අධික පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණි.


මීගමුව
මීගමුව  පුරා  දැනට  ශීඝ‍්‍ර  ලෙස  පැතිර  යමින්  පවතින  කොවිඞ්  රැල්ල  අවම  කිරීමටත්  ඒ හරහා  සිදුවන  කොවිඞ්  මරණ  සංඛ්‍යාව  අඩුකිරීමේ  අරමුණෙන්  පැය  24  පුරා  ක‍්‍රියාත්මක වන වෛμවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කොවිඞ් මර්දන ඒකකයක් මීගමුව මහනගර සභාවේ ඉකුත් 24 දා ආරම්භ කරන ලදී.ග‍්‍රාමීය  මාර්ග  සහ  යටිතල  පහසුකම්  සංවර්ධනය  කිරීමේ  රාජ්‍ය  ඇමැති  නිමල්  ලන්සා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතාගේ මෙහෙයවීමෙන් මෙම  විශේෂ  ඒකකය  මීගමුව  මහනගර  සභාවේ  පිහිටුවනු  ලැබීය.  මෙම  නව  ඒකකයේ විශේෂත්වය වූයේ නගරයේ පවත්වන කොවිඞ් එන්නත්කරණයේ වටිනාකම පිළිබඳව නගරවාසීන්  දැනුවත්  කිරීමය.  මීට  අමතරව  කොවිඞ්  වැළඳී  මියයන  අඩු  ආදායම් පවුල්වලට  අයත්  අයව ̈න්ට  නොමිලේ  මිනී  පෙට්ටියක්  ලබාදී  නොමිලේ  ආදාහනය කරදීම නගර සභාව සිදුකරයි. ඊට අමතරව ආබාධිත වැඩිහිටියන් නිරෝධායන එන්නත් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන යෑමට මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතා විසින් මෝටර් රථ 2ක් ලබාදී ඇත. මෙම වැඩපිිළිවෙළ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන මීගමුව මහනගර සභාවෙන් දරනු ලබයි.
මීගමුව නගර සභාවෙන් විශේෂ කොවිඞ් මර්දන ඒකකයක්
කහවත්ත - සමරවීර නිරෝෂණකලවාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දස දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
කොරෝනා ආසාදනය වූ නිලධාරීන් කිහිප දෙනෙකු පොලිස් ස්ථානයෙන් හමුවීමත් සමග පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණවලදී මේ බව සනාථ වූ බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

අනුරාධපුර

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය වරයෙක් අනුරාධපුර දී උපවාසයක් ආරම්භ කර ඇත.මෙම දරුණු වෛරසය පරාජය කිරීමට තමන් නිපදවූ ඖෂධය රෝගීන්ට ලබාදී සිය ̈ දෙනා සුවපත් කළ හැකි බව ඔහු පවසයි.  පෙරේදා (25 දා) දහවල් අනුරාධපුර මෛත‍්‍රිපාල සේනානායක උද්‍යානය ඉදිරිපිට වටරවුමේදී උපවාසයක නිරත වූ මෙම වෛද්‍යවරයා අනුරාධපුර නගර සභා නිවාසවල පදිංචිව සිටින පාරම්පරික වෛද්‍ය හේවාගමගේ නිහාල් සිසිර කුමාර නමැති අයෙකි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ එම වෛද්‍යවරයා මෙසේද පැවසීය. ‘‘පවතින කොරෝනා තත්ත්වයට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට සාර්ථක විසඳුමක් මට ලබා දෙන්න පුළුවන්. මේ සඳහා මම 2020 ඉඳලා උනන්දු වුණා. ලංකාවට ඒ වනවිටත් මේ කොරෝනා වසංගතය ඇවිල්ලා නැහැ. රෝගීන් කීපදෙනකුට අපි ප‍්‍රතිකාර සිදුකළා. ඔවුන් සුවපත්ව තිබෙනවා. ඒ සඳහා ඖෂධ මා ළඟ තිබෙනවා. ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද පැවසීය

රාගම  ශික්ෂණ රෝහල
කැලණිය රාගම  ශික්ෂණ රෝහලේ  කාර්ය මණ්ඩලයේ එකසිය තිස්  දෙදෙනකුට    කොවිඞ්  19    ආසාදනය    වී  ඇතැයි   වාර්තාවේ.  මේ  කරුණ  පිළිබඳව    රෝහලේ  අධ්‍යක්ෂ  විශේෂඥ    වෛද්‍ය  සම්පත්  රණවීර    මහතාගෙන්    විමසූ  අතර එතුමා එය සනාථ කළේය.
මේ  වන  විට  රෝහල්  කාර්ය  මණ්ඩලයේ  132  ක්  ආසාදිතයින්  වාර්තා වෙනවා. සීමිත කාර්ය මණ්ඩලයකින් තමයි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඔවුන් ඉතාම වෙහෙසට පත්ව සිටියත් රෝගීන් වෙනුවෙන්  උපරිම කාලය වැය කරමින් සේවයේ නිරත වෙනවා. මේ වන විට රාගම සහ කඳාන කොවිඞ් 19 වාට්ටු තුළ රෝගීන් 425 දෙනෙක් ප‍්‍රතිකාර  ලබනවා.  දැඩිසත්කාර    ඒකකයේ    ඇඳන්  පිරිලා  ඉවරයි.  අපේ  කාර්ය  මණ්ඩලයේ    ආසාදිතයින්    අතරින්  වැඩිපිරිස නිවෙස්වල නිරෝධායනය වෙලා ඉන්නේ. අනිත් අයගෙන් පිරිසක් රෝහල්වලත් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවලත් ප‍්‍රතිකාර ලබනවා යැයි රෝහල් අධ්‍යක්ෂ සම්පත් රණවීර මහතා පැවසීය