Vaccine cards were counterfeited and sold for 5,000
කොවිඩ් එන්නත ලබාගත් බව සහතික කරමින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද කාඩ්පත් විකුණන ජාවාරමක් සම්බන්ධව පොලිස් පරීක්ෂණයක් ඇරැඹී ඇත.

කොළඹ කේන්ද්‍රකරගත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයක නිලධාරී තනතුරු දරන පිරිසක් එක්ව මෙම කාඩ්පත් මුද්‍රණය කර රුපියල් පන්දහසේ සිට පහළොස් දහස දක්වා මිල ගණන්වලට විකුණා ඇතැයි හෙළි වී තිබේ. මෙම කණ්ඩායමට සම්බන්ධ තිදෙනකු අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර හොරට මුද්‍රණය, විකිණීමේ චෝදනාවට පෙරේදා (25 වැනිදා)


පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ලබා දියයුත්තේ එන්නත් දෙකම ලබාගත් අයට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දුන් නියෝගයකින් පසු මෙම වෙළෙඳ සංගමයේ පිරිස මෙසේ ව්‍යාජ බලපත්‍ර හා එන්නත් කාඩ්පත් මුද්‍රණය කර ඇතැයි හෙළි වී තිබේ. දැනට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමයේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම් හා ශාඛා සමිති සභාපතිවරුන් ලෙස කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම වෙළෙඳ සංගමයේ සභාපතිවරයා සොයා පෙර්දා (25 වැනිදා) සිට පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර හොරට මුද්‍රණය කර තිබුණේ කොළඹ මිහිඳු මාවතේ පිහිටි අදාළ වෙළෙඳ සංගමයේ ශාඛා සමිති සභාපතිවරයකු බවට ද හෙළි වී ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

නිවැරදි කිරීමයි

ඉහත ප්‍රවෘත්තිය දෝෂ සහගත බව කොළඹ ස්වයං රැකියා වෙළෙඳ සංගමය මගින් දන්වා ඇත.
කොවිඩ් එන්නත ලබාගත් බව සහතික කරමින් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද කාඩ්පත් විකුණන ජාවාරමක් එන්නත් කාඩ්පත් හොරට මුද්‍රණය කර 5000 ට විකුණලා යන තොරතුරු අසත්‍ය වන අතර ඒ සම්බන්ධව පොලිස් පරීක්ෂණයක් ඇරැඹී නැත.

ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ නියෝජිතයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති මුත් ඒ වෙනත් හේතුවකටය.

මෙම පුවත හිතාමතා දේශපාලන අරමුණකින් අරුණ පුවත්පත මගින් පළ කර ඇති බවට වෙළෙඳ සංගමයේ සභාපතිවරයා අප වෙත දන්වා ඇත.
සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් අපගේ කණගාටුව පළ කරමු

- ගොසිප් ලංකා නිවුස් සංස්කාරක