Should-Christians-be-afraid-of-the-vaccine-because-of-the-mark-of-the-beast

කිතුනුවන්ට කොරෝනා එන්නත ගැන පවතින මත නැනෝ තාක්ෂණ කතාව හා මෘගයාගේ සළකුණ ගැන විග්‍රහයක යෙදෙන්නේ
Royston De Vesser විසිනි.

 අද දවසේ අපි ඉතාමත් කාලෝචිත මාතෘකාවක් ගැනයි අපි අවධානය දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වන විට ලෝකය පුරාමත්  ඒ වගේම ලංකාවෙත් සීඝ්‍රයෙන් ජනගත කරමින් තිබෙන මිනිසුන්ට ලබා දෙමින් තිබෙන කොරෝනා එන්නත සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කිතුනු කණ්ඩායම් අතර ලෝකය පුරාම වගේම ලංකාවෙත් මතභේදාත්මක තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

සමහරුන්ට සැකයක් මතුවෙලා තිබෙනවා කොරෝන එන්නත කියන්නේ මුර්ගයාගෙ ලකුණ ද කියලා. සමහරු කියනවා හොඳයි කියලා ,සමහරු කියනවා නරකයි කියලා. සමහර අය කියනවා මේකේ  RFID  එකක් තියනවා කියලා. තවත් සමහරු කියනවා RFID නෙමෙයි මේකෙ  nanoparticles  තිබෙනවා කියලා එකේ කියන්නේ කුඩා රොබෝ බොරු පරිගණක ලෙස ක්‍රියා කළ හැකි යමක්. ඒ නිසා 5G තාක්ෂණය දියුණු වෙච්ච කාලයකදී කෙනෙක්ට පුළුවන් වෙනවලු අපිව පරිබාහිරව ඉඳලා පාලනය කරන්න. තවත් විදියකට කියනවා නම් මේ nanoparticles වලට අපේ DNA එක එහෙමත් නැත්නම් අපේ ජාන වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා කියලත් කියනවා. ඒ වගේම තමයි තවත් බොහෝ දෙනා වියෝලේට පත් වෙලා තිබෙනවා මේ එක්තරා එන්නතට දීලා තිබෙන විශේෂ නමක් නිසා. ඒ තමයි ලුසිෆර්රෙස් කියන නම. කට්ටිය ප්‍රශ්න කරන්න පටන් අරන් තිබෙනවා එන්නතකට මෙවැනි නමක් ලබා දුන්නෙ ඇයි කියලා.






එක්තරා විදිහකට සමහරු කියන්න උත්සාහ කරන්නේ මේ nanoparticles එහෙමත් නැත්නම් මේ නැනෝ රොබෝවරු කොරෝනා එන්නත හරහා මිනිසුන්ගේ ශරීරවලට ඇතුලත් කරල 5G තාක්ෂණය දියුණු වුණාට පස්සෙ 5G   තාක්ෂණය හරහා මිනිසුන්ගේ සිතිවිලි එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ස්වකැමැත්ත කියන එක පාලනය කිරීම සඳහා කොරෝනා වෛරසය නිර්මාණය කරන්න ලද්දක් හෝ ඒ සඳහා මේක උපයෝගී කරගන්න බවයි. මේ ඔක්කොම ආහපුහාම කෙනෙක්ගෙ ඔලුව අවුල් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. කොහොම වුණත් ඉතිහාසය දෙස බලන කොට අපිට පෙනී යන දෙයක් තමයි කිතනුවන් කලින් කලට පහළ වූ මෙවැනි දේවල් දෙස සැක මුසුව බැලීමටත් ඒ වගේම අනියත බියක් ඇතිකර ගැනීමටත් මේ අනියත බිය නිසාම ඒ ඒ දේවල් වලට පසුගාමී ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙලා හිටපු බව.

උදාහරණ විදිහට සමහර දුරකථන සේවාවන් තම සේවාවන් හඳුන්වා දෙන කොට විශේෂයෙන්ම අයිපි ඇඩ්‍රස් එක වගේ දේවල් දෙනකොට බාකෝඩ් එක සම්බන්ධයෙන් ඔබට මතක ඇති මේ barcode ගැන සමහරු කිව්ව මේක තමයි 666 කියන්නේ කියලා, ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එක හඳුන්වලා දෙන විට. සමහර අය කිව්වා මේ එන්නේ මුර්ගයගෙ ලකුණ කියලා. සමහරු ඒ පහසුකම් ලබා ගන්න පවා බය උනා. දැන් මේ vaccine එක සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතාකරන්නට ගොඩක් දේවල් තිබුනත් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොරොනා එන්නත සම්බන්ධයෙන් ඔබට වැදගත් වේවි කියල හිතෙන සෘජු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පමණයි.





දැන් අපි හොයලා බලමු කොරොන එන්නතෙන් nanoparticles තියෙන කතාවෙ තේරුම මොකක්ද කියලා. මුලින්ම අපි කතා කරමු මොනවද මේ nanoparticles කියන්නෙ කියලා. සරලවම මේකෙ යම්කිසි ප්‍රමාණයක් අඟවන මිනුම් ඒකකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කුඩා කියන අර්ථය ඇති නැනෝ මීටරයක් කියලා කියන්නේ මීටරයකින් බිලියනයකින් එකක්. සාමාන්‍යයෙන් ඔබේ කෙස් ගහක් ගලවලා අතට ගන්න nanoparticle එකක් කියන්නේ කෙස් ගහට වඩා ප්‍රමාණයෙන් පන් දහස් වාරයකටත් වඩා කුඩායි. ඒ අනුව nanoparticle එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් නැනෝ මීටර එකකුත් නැනෝ මීටර් 100 කුත් අතර ප්‍රමාණයේ යම් කිසි දෙයක්. තවත් ටිකක් ඔබේ ඔලුව අවුල් වෙයි මෙහෙම කිව්වොත්.

පත්තර කඩදාසියක් ගන්නකෝ මේ පත්තර කඩදාසියක් කියන්නේ ලක්ෂයක විතර ඝනකමක්. හිතන්නකෝ පත්තර කඩදාසියක් යන්නේ නැනෝමීටර් ලක්ෂයක් නම් nanoparticle එකක් කියන්නේ ඔබට හිතාගන්නවත් බැරි තරම් කුඩා ප්‍රමාණයක් ද කියලා.එහෙනම් නැනෝ විද්‍යාව එහෙමත් නැත්නම් නැනෝ තාක්ෂණය කියන්නේ පරමාණු එහෙමත් නැත්නම් කුඩා අණු නිරීක්ෂණය කිරීමටත් ඒවා පාලනය කිරීමට හා හැසිරවීමටත් ඇති තාක්ෂණයයි.


දැන් අපි හොයලා බලමු නැනෝ විද්‍යාවේ වර්තමාන තත්ත්වය මොකක්ද කියලා. විශේෂයෙන්ම මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෛද්‍ය විද්‍යාව තුළ ඉතාම සාර්ථකව මේ nanoparticles අත්හදා බලලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් පිළිකාව සුව කිරීම. සාමාන්‍යයෙන් පිළිකාවට ලබා දෙන කිමෝ තෙරපි එකක් යන්නේ රෝගියාගේ සෛල මත බෝම්බයක් එල්ලනවා වගේ දෙයක්. නමුත් මේ program කරපු nanoparticles වලට පුළුවන් මේ රෝගියාගේ ශරීරය තුළ තියෙන පිලිකා සෛල පමණක් සොයාගෙන ඒවා විනාශ කිරීමේ හැකියාව මේ nanoparticles වලට තිබෙනවා. වෛද්‍ය විද්‍යාව තුළ පමණක් නොවෙයි විශාල විෂය පරාසයන් ගණනාවකම මේ වන විටත් නැනෝ තාක්ෂණය ප්‍රචලිත වෙලා ඉවරයි.

කොටින්ම කියනවා නම් ඔබේ මගේ එදිනෙදා ජීවිතයේ අපි පරිභෝජනය කරන බොහෝ දේවල් වල අද වන විට නැනෝ තාක්ෂණය එහෙමත් නැත්නම් nanoparticles අන්තර්ගත වෙනවා.  පරිගණකය ඔබේ ජංගම දුරකථනය ඒ විතරක් නෙමෙයි ඔබ මුලුතැන්ගෙට ගිහිල්ලා වතුර ටිකක් බොන්න අතට ගන්න වතුර වීදුරුව තුළ පවා මේ නැනෝ තාක්ෂණය තියෙනවා. ඉන් ඔබ්බට ඔබ අඳින පළඳින ඇඳුම් වල විශ්වාස කරනවද ඔබ කන බොන කෑම බීම වලත් මේ නැනෝ තාක්ෂණය තියෙනවා. උදාහරණයක් විදියට කියනවනම් අපි යම්කිසි පලතුරක් ගමු. මේ පළතුරේ ගුණාත්මක බව විතරක් නෙවෙයි එහි පෙනුම ඒ වගේම එහි අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සහ විටමින් වැනි දේවල් පවා වැඩි දියුණු කරන්න අද වන විට නැනෝ තාක්ෂණය පාවිච්චි කරනවා.





සමහර වාර්තාවන් පෙන්වා දෙන ආකාරයට ඕස්ට්‍රේලියාවේ පමණක් ආහාර නිෂ්පාදනය සියයකට අධික ප්‍රමාණයක nanomaterials තිබෙන බව අනාවරණය කරගෙන තිබෙනවා. මේ ලැයිස්තුවේ තිබෙන ආහාර පාන රසකැවිලි ඕනතරම් අපේ ශ්‍රී ලංකාවේ supermarket වලත් තිබෙනවා. ඒ නිසා නැනෝ තාක්ෂණය ගැන විශාල බියකින් කතා කරන බොහෝදෙනාගේ ශරීරවල දැනටමත් මේ nanoparticles මේ එහෙමත් නැත්නම් nanomaterials තියනවා කියන එක සැක නැතුව කියන්න පුළුවන්. විශේෂයෙන්ම නොයෙක් බෙහෙත් වර්ග වල සප්ලිමන්ට්ස් වල skincare products වල මේ නැනෝ තාක්ෂණය ඕන තරම් තියෙනවා. දැන් අපි හොයලා බලමු කොහොමද corona එන්නතට නැනෝ තාක්ෂණය සම්බන්ධ වෙන්න කියලා. මේ වන විට ලෝකයේ එන්නත් රාශියක් සොයා ගෙන තිබෙනවා  අත්හදා බලල තිබෙනවා. නමුත් nanoparticles තිබෙනවා කියලා කියන්නේ ෆයිසර්  bio antec  සහ මෝඩර්නා MRNA කියන එන්නත් දෙකේ.

මෙහිදී භාවිතා කරනු ලබන oparticles කියලා කියන්නේ එන්නතෙහි ඇති දේවල් ඉතාම ආරක්ෂිතව ඵලදායි ලෙසත් සෛල තුළට රැගෙන යන්න පුළුවන් ඉතා කුඩා ක්ෂුද්‍ර ,ලිපිඩ, බිඳිති ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. මේ ගැන තව ටිකක් විස්තරාත්මකව කතා කරන්න නම් අපිට ඩීඑන්ඒ ගැනත් ඒ වගේම MRNA ගැනත් කතා කරන්න වෙනවා. ඒත් සරලව අපි මේක ඔළුවට දා ගන්නවා නම් corona එන්නතේ nanoparticles කියලා කියන්නේ සෛලයේ නිවැරදි තැනට මෙ ඒන්නත තුළ  ඇති දේවල් රැගෙන යන delivery vehicle එකක් කියලා කියන්න පුලුවන්. ඒ අනුව මෙහි ජාන වෙනස් කිරීමේ හැකියාවක් හෝ ක්ෂුද්‍ර මට්ටමය රොබෝවරු හෝ පරිගණක තිබේ යැයි බියවීම පදනම් විරහිත දෙයක් .DNA එක වෙනස් කරනවා වෙනුවට මේ එන්නත නිර්මාණය කරලා තිබෙන්නේ වෛරසේම ජන භාවිතා කරමින් කෝවිඩ් 19 සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක්. අපි කියනවා immune response එකක් කියලා . ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රෝටීන වලට උපදෙස් ලබා දීමට. දැන් අපි ලුසිෆරෙස් ගැන ටිකක් කතා කරමු.



විශේෂයෙන්ම මේ  moderna    කියන එන්නත තමයි ලුසිෆරෙස් කියන එනිසයිමේ පාවිච්චි කරන්නේ. ලුසිෆරෙස්  කියන නම මුලින්ම භාවිතා කරන්නේ රෆාල්  ඩුබොයිස් කියන කෙනා විසින්. මෙහිදී භාවිතා කරන එකින් එක සමාන වචන දෙකක් තියෙනවා. ඒ තමයි ලුසිෆරින් සහ ලුසිෆරෙස්. මේ වචන දෙකම බිඳිලා  එන්නේ luzifer කියන ලතින් වචනය. මේකෙ තේරුම තමයි  ආලෝකය දරන්නා කියන එක. අපේ යක්ෂයාට එහෙමත් නැත්නම් සාතන්ට luzifer කියල කිව්වට luzifer කියන නමේ තේරුම යක්ෂය කියන එක නොවේ.  මෙම ලුසිෆරින් සහ ලුසිෆරෙස් කියන වචන දෙකම ජෛව විද්‍යා තාක්ෂණයේ විශේෂයෙන්ම අන්වීක්ෂ භාවිතය තුලදී ඉතාම බහුල වශයෙන් පාවිච්චි වෙන වචන දෙකක්.

කෝවිඩ් 19දි මේ ලුසිෆරෙස් එස් කියන එන්සයිම භාවිතා කරන්නේ ප්‍රතිදේහ සෑදෙනවාද කියන එක දෘශ්‍යමාන වශයෙන් දැක ගැනීමට සහ තහවුරු කරගැනීමටයි. අපිට හරි හුරු පුරුදුයිනේ රාත්‍රී කාලයේ දී කණාමැදිරියෝ යම් ආලෝකයක් නිකුත් කරන්නේ. මේ සතාට තියෙන්නෙත් මෙන්න මේ ඒන්සයිමයම  තමයි. ඇත්ත වශයෙන්ම සමහරු අනවශ්‍ය ලෙස කලබල වුණාට covid 19 ට වඩා බොහෝ කාලයකට පෙර මේ  ලුසිෆරෙස් කියන එන්නත  එහෙමත් නැත්නම් මේ එන්සයිමය පිළිකාව සඳහා ලබාදෙන එන්නත් වල ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම සඳහා බොහෝ කලකින් ද පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා  ලුසිෆරෙස් කියන වචනය වෛද්‍ය විද්‍යාව සමග සම්බන්ධ වෙන්නේ මේ කොරෝනා වෛරසයට බොහෝ කාලයකට උඩදී.




මේ අනුව අපි තේරුම් ගත යුතු දෙයක් වන්නේ බිය උපදවන වචනයක් තිබූ පමණින් එහි බිය උපදවන දෙයක් තිබෙනවා යැයි සොයා බැලීමකින් තොරව පූර්ව නිගමනයකට එළඹීම ඥානවන්තකම නොවන බවයි. ඒ වගේම තමයි මේ කාරණාවේදී ගොඩක් අය බිල් ගේට්ස් ගැන කතා කරනවා. ඒ නිසා අපිටත් ඔහු ගැන කථා නොකරම බැහැ. බිල් ගේට්ස් කියන්නේ තීරණාත්මක එන්නත් ප්‍රවර්ධනය කිරීම නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් අවුරුදු විස්සකටත් වැඩි කාලයක් ඉඳලා අරමුදල් සපයන කෙනෙක්. එහිදී බොහෝ අයගේ භීතියටත් විමතියටත් වෙච්ච කාරණයක් තමයි මේ platen බලපත්‍රය ලැබිලා ඇති අංකය සම්බන්ධව.

ඒ අංකය තමයි 060606 . සමහරුන් කියන්න උත්සාහ කරන විදිහයට මේක අන්ත ක්‍රිස්තුගේ අංකය ද. බයිබලයෙ නම් පැහැදිලිව කියන්නේ ඒ අංකය 666  කියලා. සාමාන්‍ය දැනුමක් හරි ගණිතය ගැන තියන කෙනෙක්ට නම් තේරෙනවා 060606 කියන්නේ 666 කියන්නේ ඉලක්කම් එකක් නෙමෙයි ඉලක්කම්  දෙකක් කියලා. මේ වගේම තත්ත්වයක් උදා උනා barcode සම්බන්ධයෙනුත්. බොහෝ අය කියන්න ගත්තා මේ බාකෝඩ් එක කියන්නේ අන්ත ක්‍රිස්තුගේ ලකුණු කියලා. මොකද  බාකෝඩ්  එහෙක තියෙන අර ඉරි කෑලි වලින් දිග ඉරක වටිනාකම වෙන්නේ හයයි. ඒනිසා මේ දිග ඉරි තුනක්  බාකෝඩ් එකක් ඇතුලෙ තියෙන නිසා ඒක 666 කියලා කිව්වා. ඒක අන්ත ක්‍රිස්තුගේ ලකුණ කියලා නිර්වචනය කරන්න බොහෝ දෙනා පෙලඹුනා. නමුත් අන්ත ක්‍රිස්තුගේ ලකුණ සැබැවින්ම ඊට වඩා පැහැදිලිව හා සෘජුව අපිට ලැබෙන්න යන දෙයක්.





ඒ වගේම සමහර අය කියනවා මේ එන්නත සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගත්තෙ නෑ කියලා. බොහොම කඩිමුඩියේ හදිස්සිය මේ ඒන්නත මිනිසුන්ට ලබා දෙන්න කටයුතු කලා කියලා. සැබැවින්ම මේක තේරුම් ගන්න එතරම් අමාරු දෙයක් නොවේ. මීට ප්‍රථමයෙන් ආපු නොයෙක් රෝග වල දී සොයාගන්නා ලද එන්නත් වල දී වැයවුණු කාලයට සමාන කාලයක් මෙතරම් වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් වෙලා තිබෙන කාලෙත් ඇති වෙයි කියලා හිතනවා නම් ඒක ප්‍රඥාවන්ත නෑ. ඒ කාලේ මේ තරම් වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබ්බෙ නැහැ, මෙතරම් තාක්ෂණය තිබ්බේ නැහැ, මේ තරම් විද්‍යාගාර බිහිවෙලා තිබුණෙ නැහැ. අද තත්වෙ බොහොම වෙනස්. අද විශාල විද්‍යාගාර අපිට තිබෙනවා. වෛද්‍ය විද්‍යාව වගේම තාක්ෂණය හිනි පෙත්තටම නැගලා දියුණු වෙලා තිබෙනවා.ඒ නිසා එතරම්ම කාලයක් අද ගත වෙන්න ඕනේ කළ කවුරුහරි තර්ක කරනවා නම් ඒක වැරදියි. බුද්ධිගෝචර නොවේ. ඒ වගේම තමයි තේරුම් ගන්න ඕනේ මේ covid වසංගතයේදී වුණත් ඊළඟ මාසේ වගේ අපිට එන්නතක් ලැබුණේ නැහැ. සෑහෙන කාලයක් ගියා. අවුරුද්දකට වැඩි කාලයක් ගියා. තාමත් ඒ්වා පරීක්ෂණ මට්ටමේ. ඒ නිසා ඒ තර්කය සාධාරණ නැහැ.






ඒ වගේම අපි චුට්ටක් කතා කරමු RFID කියන එක ගැන. මේ ගැනත් ලොකු ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. මොකක්ද මේ  RFID  එකක් කියන්නේ.  RFID   එකක් කියන්නේ radio frequency identification කියන එක. අමෙරිකානු රජයේ ඉල්ලීමකට අනුව මේ එන්නත් නිෂ්පාදනය කරපු පුද්ගලික සමාගමක් විසින් යම්කිසි චිප් එකක් මේ එන්නතට දාලා තිබුණා. ඒ චිප් එක ඇවිල්ලා   RFID   එකක්. ඒ කියන්නේ radio frequency identification එකක්. සැබැවින්ම මේ චිප් එක එහෙමත් නැත්නම් මේ  RFID    එන්නත ඇතුලෙ තියෙන දෙයක් නෙමෙයි එන්නතට පරිබාහිරව එහි ඇසුරුමේ සඳහන් දෙයක් පමණයි. ඒ නිසා මේ ගැන කිසිම අනියත බියක් ඇති කර ගන්න ඕනෙ නෑ. ඔබ එන්නත ලබා ගත්තම ඔබේ ශරීරය ඇතුළට RFID එකක් යන්නෙ නෑ. මේක ඒ අයගේ පරිපාලනය පහසුව තකා එන්නත් කොච්චර ප්‍රමාණයක් ලබා දීල තිබුණ ද,


තව කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබෙනවාද ,කාට ලැබුණේ කුමක්ද කොයි එන්නත ද කියන එක ගණන් හදා ගන්න ඒ අය පාවිච්චි කරපු උපක්‍රමයක් විතරයි. මේ RFID එක ගැනත් ඔබට බය වෙලා බෑ බය වෙන්න දෙයක් නෑ. දැනටමත් ඔබේ සාක්කුවේ ඔබේ බෙල්ලෙ පර්ස් එකෙන් මේ RFID ඕනතරම් තියනවා. supermarket වලට ගියාම නැත්නම් විශාල ගබඩා සංකීර්ණ වලට ගියාම නොයෙක් දේවල් හඳුනාගනු ලබන්නේ මේ RFID  එකෙන්. විශේෂෙන්ම radio frequency identification එකක් කියන්නේ. ඔබ අධිවේගී මාර්ග භාවිතා කරනවා සමහර අය ළඟ   තියෙනවා කාඩ් එකක්. ඒ අයට ගාස්තු ගෙවන ස්ථානයෙන් යන්නේ නැතුව වෙනම ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවන ස්ථානය කියලා තියෙනවා එතැනදිත් ක්‍රියාත්මක වෙන්නේ මේ තාක්ෂණයම තමයි ඒ නිසා මේකත් අනියත බියක් ඇති කර ගන්න ඕනේ නෑ.



දැන් මේ ඔක්කොමත් එක්ක අපි ඒන්න ඕනේ නිගමන මොකක්ද?  අපි තේරුම් ගන්න ඕන සලකුණක් සහ එන්නත අතර තිබෙන වෙනස. බයිබලයේ ඉතා පැහැදිලිවම කියන්නේ මේක අපේ අතේ අල්ලෙ හෝ නළලේ සඳහන් කරනු ලබන ලකුණක් කියලා. බයිබලයේ කියන්නේ නැහැ අපිට මුර්ගයාගෙ ලකුණ එන්නත් කරනවා කියලා. බයිබලය කියන්නේ ඒක අපේ අල්ලේ හෝ නළලේ සඳහන් කරන ලකුණ කියලා. හෙළිදරව් පොතේ දහතුන් වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 මෙහෙම කියනවා තවද ලොකු කුඩා පොහොසත් දිළිඳු දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණු අතේ හා නලලේ සලකුණක් ලබන්නටත් ඒ සලකුණ වන මෘර්ගයාගේ නාමය හා ඔබේ නාමයේ ගණන ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් නුපුලුවන් වන හැටියටත් සලස්වන්නේ යැයි. මේ මුර්ගයගේ නාමය අන්ත ක්‍රිස්තුගෙන් නාමය සහ අන්ත ක්‍රිස්තුගේ අංකය සලකුණ මෙක එන්නතක් නෙමෙයි. එන්නතයි සළකුණයි කියන්නේ දෙකක් කියන එක සරලව තේරුම් ගන්න ඕනේ.

කවුද ඔබට මේ සළකුණ ලබා දෙන්නේ. බයිබලයේ පැහැදිලිවම කියනවා මේ ලකුණු ඔබට ලබා දෙන්නේ අන්ත ක්‍රිස්තු. අන්ත ක්‍රිස්තු හෝ බොරු අනාගතවතෘන් තවමත් ප්‍රකාශ වෙලා නෑ. ඒ වගේම බොහොම සරලයි අපි තේරුම් ගන්න ඕන ලෝකයේ හැම රටකම ඒ වගේම ලංකාවේත් මේ එන්නත ලබා දෙමින් නොමිලේ. ඒ වගේම බල කිරීමකින් තොරව. ඔබේ ස්වකැමැත්ත පාවිච්චි කරලා ඔබට පුළුවන් එන්නත ප්‍රතික්ෂේප කරන්න. ඒ අය අපි උනන්දු කරනවා තමයි එන්නත ලබා ගන්න කියලා. නමුත් ඔබට ඕන නම් පුළුවන් තවමත් ඒක ප්‍රතික්ෂේප කරන්න. නමුත් අන්ත ක්‍රිස්තු පාලනේදී සිදුවෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.

ඔබට ස්වකැමැත්ත පාවිච්චි කරලා ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඔබ අනිවාර්යයෙන් ලබා ගත යුතුයි. ඔවුන් එය ලබාගන්න ඔබට බල කරනවා. ඔබ ලබා ගන්නේ නැත්නම් ඔබට මැරෙන්න සිද්ධ වෙනවා. එතන කියනවා මේ සළකුණ නැතුව ඔබට විකුණන්නත් බෑ යමක් මිල දී ගන්නත් බෑ. ඒ කියන්නේ ඔබට මැරුම් කන්න වෙනවා එහෙමත් නැත්නම් නොකා ඉදලා මැරෙන්න වෙනවා. දැන් මේ එන්නත ලබා ගන්න යනකොට ඔබ අන්ත  ක්‍රිස්තුට නමස්කාර කිරීමක් එතැනදි සිද්ධ වෙන්නේ නෑ, ඔබ අන්ත ක්‍රිස්තු පක්ෂපාතීත්වය දැක්වීමක් එතැනදි සිද්ධ වෙන්නේ නෑ. ඔබ අවසාන කාලය තුළ ඒ වගේම උන් වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව උන්වහන්සේගේ අනුග්‍රහය ගැන දන්න කෙනෙක් නම් මේ විදියට කවදාක්වත් බිය වෙන්නේ නෑ.


දැන් ඔබ එන්නතක් ලබා ගන්නයි යන්නේ. ඔබේ අභිප්‍රාය රෝගයකට බෙහෙතක් ලබාගන්නවා. එහෙමත් නැත්නම් රෝගයකින් ආරක්ෂා වීමට යම් කිසි එන්නතක් ලබා ගන්නවා. අන්ත ක්‍රිස්තුට කීකරු වෙන්න හෝ දෙවියන් වහන්සේට අකීකරු වෙන්න ඔබේ මනස පොඩ්ඩක්වත් නෑ. දෙවියන් වහන්සේ කවදාවත් එතරම් අසාධාරණ අයුක්තිසහගත වෙන්නේ යන්නෙ නෑ. ඔබ නොදැනුවත් ඔබ යක්ෂ සතු කෙනෙක් වීමට දෙවියන් වහන්සේ සැලැස්මේ උන්වහන්සේ ඉඩ හැරලා නෑ .ඒකට ඔබේ ස්වකැමැත්ත ඔබට පාවිච්චි කරන්න තිබෙනවා තව වැදගත් දෙයක් තියෙනවා බයිබලය අපි විශ්වාස කරන විදිහට මේ මහා පීඩා කාලේ පටන් ගන්න ප්‍රථමයෙන් උන් වහන්සේ සභාව ඔසව ගන්න යනවා. සභාව ඔසවා ගත්තායින් පස්සේ තමයි මේ මහා පීඩාව එහෙමත් නැත්නම් මේ පීඩාකාරී දෙවැනි කොටස ආරම්භ වන්නේ. ඒ අවස්ථාවදී තමයි යක්ෂයා එහෙමත් නැත්නම් අන්ත ක්‍රිස්තු මේ කාරණාවන් ක්‍රියාත්මක කරන්න යන්නේ. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු සමහර කරුණු ගැන ඔබට සාමාන්‍ය අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ නිසා එවැනි අනියත බියකින් ඔබ තවදුරටත් ජීවත් විය යුතු නැහැ. දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ බියට වඩා ඉතාම අධිකයි විශාලයි.