
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 48ක කාලය තුලදී කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වී
ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
මින් කොවිඩ් මරණ 13ක් රෝහල තුළින් වාර්තා වී ඇති අතර අනික් මරණ 06 නිවෙස්වලදි සිදු වී තිබෙයි. දකුණු පළාතෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් ආසාදිත රෝගින් 958 දෙනෙකු වාර්තා වි
ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින් 416 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 121 දෙනෙකු
හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගින් 383 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට දකුණු
පළාතෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 52 493 දක්වා වැඩි වී තිබෙයි.
දකුණු පළාතේ පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන 26ක කොවිඩ් ආසාදිත රෝගින් 2373 දෙනෙකු
ප්‍රතිකාර ලබන බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
(ගාල්ල - ලලිත් චාමින්ද)
Comments
Post a Comment
Your comment will be visible after approval