
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවෙහි නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් වාහනයකට දළදා මාළිගා පරිශ‍්‍රයේදි ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ එයින් එම වාහන දෙකට බරපතළ හානි සිදුවී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.ෙ
අදාළ වාහන දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර අවසානයේ දී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි කියැවේ.
මෙය මාළිගාවේ බස්නායක නිලමේ වරුන් අතර පවතින අභ්‍යන්තර ප්‍රශ්නයක ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට නිශ්චය වී ඇති අතර
සම්බන්ධීකරණ ලේකම්වරයකු බව පැවසෙන නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාගේ හිතවතා පවසා ඇත්තේ තමන්ගේ වාහනයට සහ නිලමේ වරයාගේ වාහනයට රසායනික ද්‍රව්‍ය ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ බවයි.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත
මෙම සිදුවීම දළදා පෙරහරට හෝ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ මතුවුණු ගැටලුවක් නොව,
දෙපාර්ශවයක් අතර සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිසිය අදහස් දක්වා ඇත.
සිද්ධියට අදාලව සඳුදා දිනයේ අධිකරණයට කරුණු වාර්තා කර සී.සී.ටී.වී දර්ශන ලබා ගන්නා බවත්,
වාහනයට එල්ල කර ඇති රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න සෙවීමට එම සාම්පල රජයේ රස
පරීක්ෂක වෙත යොමු කරන්නට අදහස් කර ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval