15 girl mentally ill abusers almost all released on bail

පසුගිය කාලයේ ආන්දෝලනයක් මතුකරමින් විභාගවූ වයස අවුරුදු 15 ක දැරියක අන්තර්ජාලය හරහා මිලට ගෙන අපයෝජනය කළ සිදුවීම සම්බන්ධ නඩු විභාගය ඊයේ (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලද අතර එක් සැකකරුවෙක් හැර අනෙක් සියලු සැකකරුවන් මේ වනවිට ඇප මත නිදහස් කර ඇති බව දැනගන්නට ලැබිණි.




ඉතිරිව සිටින සැකකරුට ඇප ලබා ගැනීම සඳහා හඳුනාගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් 15 දැරිය සෙම් දිනවල දැඩි මානසික අසමතුලිතාවකින් පෙළෙන ස්වරූපයක් පෙන්නුම් කරන බැවින් පෙරට්ටුව නොපැවැත්විණි.
 දැරියට මත් ද්‍රව්‍යය ලබා දී අපයෝජන සිදුකිරීම හේතුවෙන් ඇය අධික ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවද අධිකරණයේදී හෙළි විය.
වෛද්‍යවරුන් හා මනෝ උපදේශකවරුන් දන්වා ඇත්තේ අයව පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තරම් යහපත් තත්වයක නැති බවයි.
මෙහිදී අදාළ සැකකරුගේ නීතීඥවරයා විසින් , දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කොට හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා සිටියත්, මහේස්ත්‍රාත් තුමිය විසින් එය ප්‍රතික්ශේප කොට ඇත.
එම නඩුව හා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව එළෙඹෙන 23 වනදා නැවත කැඳවිමට නියමිතව ඇති අතර, අදාළ දැරිය මේ වන විට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.