Medhani, who ran 200 meters in Kenya, loses the final

කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට මේධානි ජයමාන්න සමත්වූයේ මූලික වටයේ දෙවන තරගයේදී 4වන ස්ථානය දිනා ගනිමිනි.


මෙම තරගයේදී ඇය විසින් 24.01PB දක්ෂතාව ක් දැක්වූ අතර මෙය මේධානි ජයමාන්නගේ මීටර 200 ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද එය විය.
නමුත් අද පැවති ඊළඟ වටයෙ තරගයේදී මේධානි ජයමාන්න පළමු මීටර 100යේදී පළමු තිදෙනා අතර පසු වුවද තරගය නිම කිරීමට සිදුවනුයේ 4 වැන්නා ලෙසයි.
ඒ අනුව ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා අවසන් පූර්ව තරගයේදී සිව්වන තැන හිමිකරගත් ශ්‍රී ලංකා යොවුන් කෙටි දුර ධාවන ශූරී මේධානි ජයමාන්න ට අවසන් තරගයට පිවිසීමේ අවස්තාව අහිමි විය.
එහෙත් තත්පර 23යි දශම 95කින් තරගය නිමකල ඇය සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කළා ය.

මේධානි ජයමාන්න මෙම තරගාවලියේ මීටර 100 සහ 200 කාන්තා ඉසව් දෙකේදීම අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ අතර ඉසව් දෙකේම අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ එකම ආසියානු ක්‍රීඩීකාව බවටද පත්විය.