dilhani-ashokamala-speaks

අපි ඔබත් එක්ක එකතු වන්නේ දේදුන්නෙන් ආ සමනලිය, දිල්හානි අශෝකමාලා ගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න. ඉතාමත්ම ආදරෙන් ඔබව පිළිගන්නවා.

උස කීයද?

පහයි දෙකහමාරයි. මම හිතන්නේ ඊට පස්සේ ගියේ නැත්නම් පහයි දෙකහමාර තමා.

ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හොඳම යහළුවන් තිදෙනා කවුද?
ක්ෂේත්‍රය වැඩියෙන්ම පෞද්ගලිකව රවි අයියා, අනොජා අක්කා, නදීකා අක්කත් එක්කත් ඕන දෙයක් කතා කරනවා.

ඔබට උයන්න පුලුවන්ද?
ඔව් පුළුවන්.

හොඳටම උයන්න පුළුවන් ව්‍යාංජන 3 මොකක්ද?
ඔක්කොම උයන්න පුළුවන් උයන්න පුළුවන් මාලු curry, බණ්ඩක්කා, වම්බටු මෝජු හදන්න පුළුවන් , බෝංචි කිරට උයන්න පුළුවන්.


දැන් ඔබ සමාජ මාධ්‍යවල ඉන්නවද facebook ,instagram ?
ෆේස්බුක් නම් නෑ, insragram එකක් නම් මේ ලඟදි යාළුවෙක් හැදුවා මේ ටිකේ කරන වැඩත් එක්ක ඔයා මේම තියාගන්න කියලා නැත්නම් ඇත්තටම නෑ.

ඔබ සිනමාවට අවතීර්ණ වෙන්නේ 1980 වසරේදී ඒ කාලේ සිනමා නළුවෝ කීදෙනෙක් ඔබේ
 පිටිපස්සේන් ආවද?


කවුරුත් ආවෙ නෑ පස්සෙන් ආවෙ නෑ ඉස්සරහින් ආවෙ.

ඉස්සරහින් ආපු එක්කෙනෙක්ද ඔබේ අන්තිමේදි සැමියා බවට පත්වුණේ ?
ඔව් ඇත්තටම එයාම කියලා ආවත් නෙමෙයි.. දෙපැත්තම ආපු එකක්. මෙහෙම ඇවිල්ලා හැපිච්ච එකක්.


එතකොට ඔබත් එක්ක රඟපාන්න ඇතිනේ ඒ කාලේ සිංහල සිනමාවේ හිටිය බොහොම කඩවසම් තරුණ නළුවන් හිතේ පොඩි ඇල්මක් ඇති වෙච්ච නළුවෝ එහෙම හිටිය ද?

ඔව් රන්ජන් අයියා. පොඩි ඇල්මක් තිබුණා මගේ .හැබැයි ඒක දුර ගියේ නැහැ. හරි අමාරුයි එයත් එක්ක.

ඔබේ ආදරණිය සැමියා ප්‍රියංකර පෙරේරා ඔහුගේ ඔබව පිස්සු වට්ටන ගුණාංග තුනක් කියන්න ,ඒ කියන්නේ කැමතිම නෑ මේ ගුණාංග වලට?


ආප්පා.. කන්න ගියාම දෙන වදෙ, ඊළඟට ඇද ඇතිරිලි වල තියන ඉරි ප්‍රශ්න, එතකොට වාහන වල යනකොට තියන මිනිස්සු එහෙන් මෙහෙන් පනිනකොට කෑගහන විදිය ඔය තුනටම මම කැමති නෑ.




උදේ පාන්දර තුනට දුරකථන ඇමතුමක් දීලා කතා කරන්න පුළුවන් ළඟම යාළුවො තුන්දෙනා කවුද?

උදේ පාන්දර තුනට ඉස්සෙල්ලම බලන්න ඕනේ කවුද ඇහැරිලා ඉන්නේ කියලා.. ප්‍රියාට කතා කරනවා, එතකොට ප්‍රියන්තට එයා පැය 24ම ගත්තොත් එයා හදිසියක් කිව්වොත් මට එනවා, දැනට ළඟම ඉන්නේ නම් රොජර් සෙනවිරත්න ඉන්නවා, එයත් මම දන්නවා ඔයා ළඟ පාත ඉන්න නිසා කිව්වොත් දුවලා එනවා කියලා. අනිත් පැත්තෙන් ළඟම ඉන්නවා කමල් අද්දරාරච්චි එයාටත් කිව්වොත් අයියා හදිසියක් කියලා එයා අනිවාර්යෙන් තුනට එනවා.

දැන් මං ඔබට රංගන ශිල්පීන් පස්දෙනෙක් දෙනවා මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ ඉඳන් පහ දක්වා නම් කරන්නට ඕනේ එක වැඩියෙන් පහ අඩුවෙන්. හේමාල් රණසිංහ රොෂාන් රණවන අනුජ් රණසිංහ සාරංග දිසාසේකර ඒ වගේම පුබුදු චතුරංග.

අප්පා අමාරු ප්‍රශ්නයක්.. පුබුදුවයි හේමාල්වයි එකට  තියනවා මම. දෙකට සාරංග දානවා, තුනට රොෂාන්වයි ,අනූජ්වයි දානවා. ඒ කියන්නේ පෙනුම අතින් නෙමෙයි .මම පොඩ්ඩක් ටැලන්ට් පැත්තෙන් acting range  ගත්තෙ.


දැන් නිලි පාර්ශවයට එනවා. එම ප්‍රශ්නයම මෙන්න මේ රංගන ශිල්පිනියන් පස් දෙනා.
ශලනි තාරකා සමනලී ෆොන්සේකා පබෝදා සංදීපනි පූජා උමාශංකර් ඒ වගේම උමාලි තිලකරත්න.


ශලනි සහ සමනලි කියන්නේ මට ඉතාම දක්ෂ දෙන්නෙක් ඉස්සර ඉඳලම .මම ඒ දෙන්නව දැක්කම දන්නවා මේගොල්ලෝ විශාල ගමනක් රඟපෑම පැත්තෙන් යනවා කියලා.  උමාලිට ඉතාම හොඳ රංගනයක් තියෙන්නෙ ..එයාව දෙවැනි තැනට දාගන්න පුළුවන්.ඒ නිසා දෙවැනි තැන උමාලිට දෙනවා ඊට පස්සේ තියෙනවා පබෝදවයි, පූජාවයි. හරි අමාරු ප්‍රශ්න. පබෝදත් අති දක්ෂයි, පූජාත් දක්ෂයි. acting range ඒක තුළින් තමයි මම කියන්නේ...



ඊළඟ ප්‍රශ්නෙදි අහන්නේ රංගනය පැත්තෙන් දක්ෂතාව පැත්තෙන් නෙමෙයි. ඔබේ ප්‍රියතම ඔබ කැමති සනත් ගුණතිලක මහතා ,ජීවන් කුමාරතුංග මහතා ,කමල් අද්දරාරච්චි මහතා, රන්ජන් රාමනායක මහතා සහ ජැක්සන් ඇන්තනි මහතා.

කැමතිම නම් පහටම මම කැමැතියි.. වැඩියෙන්ම යාලු රන්ජන් අයියයි ,ජැක්සන් අයියයි කමල් අද්දරාරච්චි.ඒ තුන්දෙනා තමයි වැඩියෙන්ම කිට්ටු මාත් එක්ක වැඩියෙන් කතා කරන්නේ. ජීවන් අයියා යාළුයි නමුත් වැඩියෙන් ෂෙරින් අක්කා කතා කරන්නේ. සනත් අයියත් ගොඩක් යාලුවෙක්. ඒක කියන්න බැහැ...


දැන් එම ප්‍රශ්නෙ අහනවා නිළි පාර්ශවය පැත්තෙන්.
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය, සංගීතා වීරරත්න මහත්මිය, යශෝධා විමලධර්ම මෙනවිය, සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඒ වගේම දමිතා අබේරත්න මහත්මිය.


ඔතනදි ලොකු යාළුකමක් අදටත් මම පෞද්ගලිකව කතා කරනවා නම් ජීවිතේ දමිතා, නිල්මිණි තමයි ගොඩක් එකට වැඩ කරලා හැබැයි දමිතා මාත් එක්ක ගොඩක් life කියවන කෙනෙක්. ඒ නිසා මම හිතනවා ඒ හතර දෙනාටත් වඩා මම කතාකරන්නේ  දමිතාත් එක්ක. සංගීතලා ,යශෝධලා හැමෝම මාත් එක්ක මේ ක්ෂේත්‍රයේ යාළුයි. හැබැයි වෙන දැක්ම කතා කරන්නේ දමිතා මාත් එක්ක.


ප්‍රියතම බොලිවුඩ් රංගන ශිල්පීන් තිදෙනා?
රිතික් රෝෂන් .එතකොට imran khan, Amitabh bacchan. .මට එයා තමයි තාම පට්ට එහේ.

එතකොට බොලිවුඩ් නිළියෝ තුන්දෙනා?
දීපිකා පදුකෝන්ට ආසයි. කාජල්ට ආසයි. විද්‍යා බාලන් ට ආසයි.

 

ඔබට අවස්ථාවක් ලැබෙනවා එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ලංකාවේ චිත්‍රපටයක් හදනවා ඔබට අවස්ථාව ලැබෙනවා ඔබ කැමති, ඔබේ පෙනුමට ගැළපෙන ඔබට හොඳට රඟපාන්න පුළුවන් bollywood නළුවාව තෝරගන්න. කාවද තෝරගන්නෙ?

කමල හසන්ව. මට ඉස්සරහ ඉදලම තිබ්බ පිස්සුවක් කමල හසන් එක්ක රඟපාන්න ලැබෙනවා නම් කියලා.


දැන් මං ඊළඟට පුද්ගලයෝ කිහිපදෙනෙක්ගේ නම් කියනවා මේ අයගේ ඔබ කැමතිම ගුණාංග සහ අකමැතියි ගුණාංගයක් කියන්න..

ෂෙරින් කුමාරතුංග මහත්මිය
ෂෙරින් හරිම මිත්‍රශීලී. ඒ වගේම ශෙරීන් පලවෙනියටම  හැමදේකටම අත උස්සන්න ගිහිල්ලා එයා දුකට පත්වෙලා තියෙනවා ඒක තමයි අකමැති.

මාලනී ෆොන්සේකා මහත්මිය
මාලනි අක්කා හිතට මම කැමතියි. එයා අපි අර අලුත් අය වුණත් එයාගෙ තිබ්බ ආදරේට නිහතමානිකම මම කැමතියි .ඒක අදටත් තියෙනවා ඇයට. මාලනි අක්කා පූසො බදාගෙන ඉන්නවට මම කැමති නෑ.

රවීන්ද්‍ර රන්දෙණිය මහතා
රවීන්ද්‍ර අයියා මට දීලා තියෙන යාළුකමට මම කැමැතියි. රවී අයියට හිටපු හැටි කේන්ති යනවා හැබැයි කේන්ති යන්නේ නිකං නෙමෙයි වැරදි දේවල් දැක්කහම රවි අයියා හරි ඉක්මනට ඒකට රියැට් කරනවා. ඇත්තටම මට හිතෙනවා එහෙම අය නැවත අපිට හමු වෙන එකකුත් නෑ කියලා. හැබැයි සමහර වෙලාවට රවී අයියා ගැන වැරදි අර්ථකථන නම් දෙන්න පුළුවන් ඒකට මම හිතනවා ඒ නිසා ඒක පොඩ්ඩක් අඩුවෙන් වුණා නම් හොඳයි.

සනත් ගුණතිලක මහතා
සනත් අයියාගේ ඉස්සර පෙනුමට මම හරිම කැමතියි. අකමැති කසාද නොබැන්දට. මම කිව්වා එයාට කවුරුහරි බඳින්න..



ඒ කාලේ එයාගෙන් විවාහ යෝජනාවක් ආවා නම් කැමැති වෙන්නත් තිබුණද?
නෑ. සනත් අයියව මට ගැලපෙන්නෙ නෑ වගේ.

කුමාරසිංහ මහත්මිය
ගීතා අක්කගේ ඒ කාලේ දඟකාරකමට මම කැමැතියි. එයාගෙ චරිත වල තිබ්බ හරිම එනර්ජි එකක්. හැබැයි ගීතා අක්කටත් ටක් ගාලා කේන්ති යනවා එකට මම කැමති නෑ.

රන්ජන් රාමනායක මහතා
රන්ජන් අයියාගේ විවෘතභාවයට මම කැමතියි .එයාගේ විහිළු වලට මම හරි කැමතියි .හැබැයි එයා රෙකෝඩ් කරනවට අකමැති.

කමල් අද්දරාරච්චි මහතා
කමල් අයියාගේ දැනීමට මම කැමතියි. හරි නුවණක්කාර හැබැයි දවල් වෙලා shooting එන එකට අකමැති.

සමිතා මුදුන්කොටුව මහත්මිය
සමිතා මුදුන්කොටුවගේ රූපයටත් මම කැමතියි කටහඬ ටත් මම කැමැතියි.  අකමැති පෞද්ගලික දේවල් සමාජගත කරනවට මම අකමැති.


caroline jury මහත්මිය

caroline jury මට වචනයෙන්ම කුයින් කෙනෙක්. එයාව මම පලවෙනි දවස දැක්කහම මම හිතුවේ කිරුළක් දිනන්න කොහොමද මෙයා කියලා.. හරියටම හරි එක.. හරිම තේරීමක්. අකමැති දෙයක් කියලා නෑ ,මොකද මම එයාව ළඟින් ඇසුරු කරල නැහැ.


මං දැන් ඊළඟට ඔබට පුද්ගලයෝ කිහිපදෙනෙක් කියනවා මේ අය වෘත්තීන්වල නිරත වෙලා ඉන්න අය මේ අයට ඔබ යෝජනා කරන්න ඕනේ කිසිසේත්ම සම්බන්ධ නැති වෘත්තියක්..

ඉස්සෙල්ලම වීනා ජයකොඩි මහත්මිය

ගුවන් හමුදාව භාර දෙනවා. වීණා  අක්කාටත් අසාධාරණය පේන්න බෑනේ ඉතින්.

චන්න විජේවර්ධන මහතා
එයාට මම බාර දෙනවා වනජීවි එක.. එයාව මම කැලේකට කරල පොඩ්ඩක් තියෙනවා.

එතකොට අපේ හිටපු අගමැති තුමා රනිල් වික්‍රමසිංහ මහතා
මට කන වැඩක් මේ... ඇමරිකාවේ  තානාපතිකමට  යවනවා.

හරීන් ප්‍රනාන්දු මහත්මයා

වරාය දෙනවා හරීන්ට ඕන විදිහට නැව් ගෙන්නන්න කියනවා.

දයාන් විතාරණ මහතා
එයාට දෙනවා කාන්තා සුභසාධන එක..ඇයි අපිට හරි ආදරෙයි මේ අනේ..

යශෝධා විමලධර්ම මෙනවිය
අප්පා එයාට නම් දෙන්න වෙනවා උසස් අධ්‍යාපන වගේ එකක්.

සෝමරත්න දිසානායක මහතා
එයාටත් දෙනවා අර කාන්තා එක. නෑ එක්කෝ ඇඟලුම් දෙනවා.

රේණුකා බාලසූරිය මහත්මිය
අම්මෝ එයාට දෙනවා නම් මහා මාර්ග වගේ එකක් දෙන්න ඕනේ තල තල යන්න..


ඔබ රඟපෑම චිත්‍රපට අතරින් ඔබ රඟපෑවෙ නැත්නම් කියලා හිතෙන චිත්‍රපට තුනක් කියන්න?

කොට උඩ එක්ස්ප්‍රස් කියලා එකක් තිබ්බා, ලව් ඉන් බැන්කොක් කියල තිබ්බා. මුල් කාලේ නම් ගොඩක් ඒව තිබ්බා හරයක් නැති ඒවට නම් කැමති නැහැ දැන්. හේතුව මුකුත්ම නෑ ඒවායින් ගන්න මගෙන්.


දැන් මෙන්න මේ චිත්‍රපටය ආපහු රූපගත කෙරෙනවා අධ්‍යක්ෂකවරු ඇවිල්ල අහනව දැන් ඔබ රඟපාන්නෙ නෑ ..මේ වෙනුවෙන් ඔබ යෝජනා කරන්න තරුණ පරපුරේ ඉන්න නිළියන්  

මේ මගේ සඳයි
ඒකට මම දානවා සමනලීව.

නිලම්ඹරේ
ඒකට මම ශලනි ව දානවා.

දේදුන්නෙන් සමනලියක්
ඒකට මම උදාරිව දානවා.


ලව් ඉන් බැන්කොක්

ඒ චරිතය දෙනවා ශේෂාද්‍රිට.

ආකාස කුසුම්

ආකාස කුසුම් එක දෙනවා.. ශනුද්‍රිට..


ඔබේ අවංක අදහස මොකද්ද අද වෙනකොට ජනප්‍රිය නිළිය තේරීමේ ක්‍රමවේදය පිළිබඳව ඩිජිටල් මාධ්‍ය භාවිත කරමින් තේරීම පිළිබඳව?


ඒකනේ ප්‍රබලම මාධ්‍ය. පත්තර, කූපන් දාන්නත් බැහැනේ දැන්. ලියුම් දාලත් වැඩක් නෑ. postcard දාලා වැඩක් නෑ ඉතින් එස්එම්එස් තමා දාන්න වෙන්නේ.

ඒක සාධාරණ ද?

 ලෝක යන විදිය බැලුවහම වෙන option එකක් නැහැ. ඒක දැන් නිකං ආදායමක් වෙලානේ තියෙන්නේ .හුඟක් ආයතන ඒවා ඇතුලෙනුත් පවතින නිසා මට ඒකට වෙන option එකක් දෙන්න විදිහක් නැහැ.



ඔබ බුද්ධ දර්ශනයට අනුකූලව ජීවත් වන කෙනෙක් හැබැයි ජීවිත යම්කිසි අවස්ථාවන්වලදී කියපු සුන්දර බොරු තුනක් මතක් කරන්න පුලුවන්ද?

කවුරුහරි පාටි වලට එන කිවුවහම ෂූටිං කියනවා, දෙවෙනි එක ගොඩක් වෙලාවට calls ආවහම සයිලන්ස් දාලා තියලා පස්සේ ආන්සර් කරනවා, අනිත් එක තමයි උදේ පාන්දරට වතුර දාලා වතුර දැම්මෙ නෑ කියනවා ප්‍රියංකරට පැළවලට. නැත්නම් බයිනවානේ ඔක්කොම වැඩිකරනවා බිල් ටික කියලා ..මම ඉතින් හොරෙන් හැංගිලා දාලා නෑ කියනවා.


ඔබ රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න අධ්‍යක්ෂවරු තිදෙනෙක් කියන්න?

ලක්මාල් එක්ක රඟපාන්න බලාගෙන ඉන්නවා..ඊළඟට ප්‍රසන්න ජයකොඩි.

ක්‍රිකට් වලට කැමති ද?
නෑ.. ඉස්සර බලලා තියෙනවා world cup දිනපු කාලේ.. ඒත් දැන් එහෙම බලාගෙන ඉන්න මට කම්මැලියි.

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද
අර්ජුන රණතුංග.


අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න?

මම බුලත් කනවා ඉඳලා හිටලා, හුඩ් එක උඩට වෙලා ඉන්නවා ගෙදර, මම පාන්දර තුනට විතර පාරවල් වල ඇවිදින්න යනවා මහ පාරේ..

මිනිස්සු බය වෙන්නෙ නැද්ද?

මිනිස්සු බය වෙන්නෙ නෑ ...මොකද ඒ වෙලා ට මුළු ලෝකෙම නිදි.. මට විතරයි රට අයිතියි..

ඔබේ ප්‍රියතම දේශපාලනඥයින් තිදෙනා කවුද?
ඒක නම් ටිකක් අමාරුයි අනෙ...ඒක මොකද දන්නවද මගේ ආසම කියලා.. විදුර වික්‍රමනායකට කැමති, එතකොට ඩී එස් සේනානායකට කැමති, president ප්‍රේමදාසට කැමතියි..

අද ජීවත් වෙලා ඉන්න අයගෙන් කාටද?
විදුර වික්‍රමනායක ඉන්නවා, පාලිත තෙවරප්පෙරුම මහත්මයාට, ඊට පස්සේ අනුර කුමාර දිසානායකට..




ඔබේ මනාපය පරිදි අනාගතයේ පුංචි තිරය නැත්නම් රිදී තිරය ජයගන්න සුදුසු නළුවෝ තුන්දෙනා කවුද ?
දැන් ඉන්න අයගෙන් රිදී තිරයේ අනාගතය ජය ගන්න පුළුවන් හේමාල් රණසිංහ ,පුබුදු චතුරංග ඊට පස්සේ දසුන්.


එතකොට නිලියො තුන්දෙනා
ශලනි තාරකා, මල්ලි ඉන්නවා උදාරිව දානවා උදාරිගේ ගොඩක් හොඳ films එන්න තියනවා.


මෙන්න මෙ තරුණ රංගන ශිල්පී, ශිල්පීනියන්ට මම කියනවා අවවාදයක් දේන්න..
අනුජ් රණසිංහ

අනුජ්ව මම දන්නෙ නැ වැරදි කියන්න...වැරදි දැක්කාම තමයි අවවාද දේන්න පුළුවන්..

සාරංග දිසාසේකර
දිනක්ෂි එක්ක ඉන්න ඔක්කොම දාන්න එපා කියලා කියනවා... facebook ඒකට...

ඔබ හිතන විදියට සිංහල සිනමාව තුළ දැන් ඉන්න තරුණ නිළියන්ගෙන් ලස්සනටම අඳින නිළියන් තුන්දේනා කවුද?
සංගීතා අඳිනවා ,යෂෝධා අඳිනවා, මම අදිනවා....(සීනාසී)

එතකොට නළු පාර්ශවයෙන් ඔබේ හිත පැහැරගන්නේ කවුද සම්මාන උළෙලකදී දැක්කහම
රවි අයියා.. එයා හරි ස්මාට් ඇඳල එනොකොට. එතකොට කමල් අයියත් ඒ වගේ ඇඳුම් ගැන .එතකොට හේමාලුත් ලස්සනට අදිනවා.


ජීවිතයේ ආපහු හැරිලා බැලුවොත් වෙනස් කර ගත්ත යුතු දේවල් තුනක්?

මේ කොටස කරන්නේ නෑ මේ වැඩසටහන කියලා කියනවා ඔයාට.. ඊළඟට කසාද බඳින්නේ නෑ කරදරයි නෙ ඉතින්.. දැන් බලපුහාම බැඳීම්නෙ.. මට හිතෙනවා නිදහසේ ඉන්න ඒක ඊට වඩා හොඳයි කියලා බැඳෙන්නේ නැතුව.. භාවිතා කරාට කමක් නෑ අයිතිකරගන්න නැතිව.. ඊළඟට තව ළමයි තුන් හතර දෙනෙක් හදනවා.. නොබැඳ හරි හදනවා..මම ළමයින්ට ආදරෙයි..

කවදහරි දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් හිතේ කොනක හරි තියෙනවද?

නැහැ.

ඇයි ඒ ?

මම අපාගත වෙන්න අකමැති .

ඔබ හිතන්න දේශපාලනයට පිවිසීම අපාගත වීමට සුදුසු කමක් කියලද?

සෑහෙන්න ගොඩකට ඕක වෙනවා ඉතින් අපි නොදන්නවා උනාට..දේශපාලනේ හරි බොරුවක්, මුලාවක්. තමන්ගේ බැල  රැකගන්න බොරුවෙන් යන්න ඕනේ.. ඉතිං ඒ වගේ අය දැක්කහම හරි අනුකම්පාවක් හිතෙනවා. මොකද අනාගතයේ හරිම අඳුරුයි එහෙම උනහම ඉතිං අපි එක දැක දැක එකට වැටෙන්න උවමනාවක් නැහැ. ඒත් දේශපාලනය කියන්නේ උතුම්ම දෙයක්.. මේ රටක මිනිස්සු වෙනුවෙන් සේවය කරනවා කියන්නේ හදවතින්ම කෙරුවොත් මේ රටවල් කොච්චර ලස්සනද.. ඒත් ඉතිං එහෙම වෙන්නේ නෑනේ. ඉතින් මං මොකටද මඩ ගොඩවල් වල බැහැලා මගේ හදවත අපිරිසිදු කරගන්නෙ..ඒකට ගියොත් අපිට අපේ ගොඩක් අමාරුකම් වලට මුහුණ දෙන්න වෙනවා.. අපේ ජීවිතත් නැති වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වල ඉන්න හම්බ වෙන්නේ නෑ .ඉතිං එහෙම වටපිටාවකනේ අපි දේශපාලනය කරන්නේ. ඉතින් මොකටද මේ ඉල්ලලා කරදර දාගන්නේ..


අවසාන ප්‍රශ්නය ඔබ තාම ඉතාම රුවති. හරිම ලස්සනයි.. අපි හිතමු මේ මොහොත වෙන විට ඔබ විවාහයක් නෑ විවාහ නිදහස්.. ඔහොම ඉන්නකොට ඔබට විවාහ යෝජනාවක් මේ විවාහ යෝජනා වෙන්නේ රිතික් රෝෂන් ගෙන් මොකද වෙන්නේ?

i dont like.. .රිතික් රෝෂන් ලඟ මට විතරක් ආදරේ තියෙනවද දන්නෙ නෑනෙ..

එහෙම යෝජනාවක් ආවොත් කැමති වෙන නළුවෙක් ඉන්නවාද?

මම කැමතියි පිටරටකින් යෝජනාවක් එනවනම් ලංකාවෙ නැතිව එහෙම කෙනෙක් ආවොත් යෝජනාවක් මං මෙහෙ බඩු පටවගෙන එහෙ යනවා..සීනාසි..

සාකච්ඡාව - කැලුම් විජේසූරිය
වීඩියෝව - https://www.youtube.com/watch?v=XXJT-XFZ1vk