දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 4කට කොරෝනා

Ad Code

දෙහිවල සත්වෝද්‍යානයේ තවත් සතුන් 4කට කොරෝනා

dehiwala-zoo-covid19

දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරුවූ බව එහි ආරංචි මාර්ග පවසයි.




මේ සම්බන්ධයෙන් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි වාර්තාවක් ලැබී ඇති නමුත් ඒ සතුන් තවත් පරීක්ෂණ සඳහා යොමුකර එය ස්ථිරයෙන්ම තහවුරු කර ගන්නා ලෙසට සත්වෝද්‍යාන බලධාරීන්ට තමා උපදෙස් දුන් බවයි.

වාර්තාව කෙසේ වුවත් එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනා සෙසු සතුන්ගෙන් වෙන්කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් ආසාදනය විය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu