
ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අද (17) දහවල් අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පදිංචිව සිටියේය.
80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා මහතා
හිමි නැති පෙමකට, වාසනා වේවා, විකසිත වත කමලේ,දේව මන්දිරේ, උන්මාද වු ප්‍රේමාදරේ ,ආදර ප්‍රිය ලඳුනේ, හදවිලේ ඔබ පිපුණා , හදිසියේ හනි හනිකට වැනි මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවායි.
අවසන් කටයුතු හෙට (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval