I-did-not-put-the-list-if-proved-I-will-give-Rs-5000-lakhs-to-the-temple-Iraj

15 හැවිරිදි දැරිය අපයෝජන කළ අයගේ යයි මඩ ලැයිස්තුවක් තමාගේ වෙබ් අඩවියක් හරහා පළ කළ බවට වැරදි ආරංචියක් පැතිර යන බවත් ඒ බව කියමින් ස්වාමීන් වහන්සේ නමක් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර ඇති බවත් ගායක ඉරාජ් වීරරත්න පවසයි.  කෙසේ වෙතත් මෙම සිද්ධියට තමාගේ නම සම්බන්ධ කරගෙන තිබීම ගැටලුවක් බවත් මෙම වෙබ් අඩවියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් පවසන ඉරාජ් තමා කිසියම් විවේචනයක් පසුගිය කාලේ කරේ නම් එම විවේචන එලිපිට කළ බවත් තමාගේ නම සහිත වීඩියෝ ඔස්සේ ඒවා සිදු කළ බවත් පෙන්වා දෙයි.


තමා ‘හැංගි හොරා වැඩ කරන දෙකයි පණහේ‘ කෙනෙකු නොවන බව කියන ඉරාජ් වීරරත්න මෙම ලැයිස්තුව දැමූ වෙබ් අඩවිය තමාගේ බවට ඔප්පු කරන්නේ නම් ඒ කියන ස්වාමීන් වහන්සේගේ පන්සලට අදම ලක්ෂ 5000 ක් ගෙවීමට සූදානම් බවට අභියෝග කරයි.
උලපනේ සුමංගල හිමියන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිල්ලක් දමා එලියට පැමිණ කියා තිබුනේ ගවුම් ඇඳන් සිංදු කියන කෙනෙකු වෙනත් කෙනෙකු දම්මවා කරන වෙබ් අඩවියක් තුළින් බොරු ලැයිස්තුවක් එළියට දැමූ බවත් ඒ හේතුවෙන් තමා ඇතුළු නිර්දෝෂී අයට මඩ ප්‍රහාර දියත් කර ඇති බවත්ය.
පහත පළවන්නේ ඉරාජ් මෙම නිර්දෝෂී භාවය හා අභියෝගය ෆේස් බුක් වෙත සජීවීව පැමිණෙමින් කළ ප්‍රකාශයයි.



සිද්ධියට සම්බන්ධ පෙර ලිපිය
15 දැරිය අපයෝජනය කළ බොරු ලැයිස්තුව පසුපස ගවුම් ඇඳන් සිංදු කියපු ගායකයෙක්