Boyfriend-arrested-for-abusing-Mount-Lavinia-girlfriend

නිවසක නිරෝධායනය වෙමින් සිටි කාලය තුළ පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් වරින්වර අපයෝජනයට ලක් කළ බවට පැවසෙන ඇගේ පෙම්වතා පෙරේදා (13) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි. රත්මලාන බොරුපන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
 




ගල්කිස්ස පොලීසියට ලද නිර්නාමික තොරතුරකට අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත් දැරිය තම පියා සහා සහෝදරයා සමග රත්මලාන ප්‍රදේශයේ නිවසක ජීවත්ව සිට ඇති බවයි. මීට සිවු වසරකට පෙර දැරියගේ සහෝදරයා විසින් දැරිය අපයෝජනයට ලක්ව ඇති බවත් ඒ වනවිට කුඩා අවදියේ පසු වූ හෙයින් කිසිවෙකුට ඒ පිළිබද නොපැවසූ බවත් දැරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ දී ඇය පැවසූ බව පොලීසිය පවසයි.දැනට වසරකට පමණ ඉහතදී සැකකරු සමග දැරිය ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන ඇති අතර පිළිකා රෝගය හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සැකකරුගේ මව සමග ඇයගේ තනියට රෝහල්ගත වීමට එන ලෙස පවසා පසුගිය දිනක තමන් සැකකරුගේ නිවසට ගෙන්වා ගෙන තිබේ.

පසුව සැකකරුගේ මව මියගොස් ඇති අතර සැකකරුගේ පියාට කෝවිඩ් ආසාදිතවීම හේතුවෙන් දැරිය සහ සැකකරුගේ නිවැසියන් නිවසේ තිරෝධායනය වී තිබේ. එම කාලය තුළ දී සැකකාර පෙම්වතා විසින් තමන් අපයෝජනයට ලක් කළ බව දැරිය පොලීසියට සදහන් කොට තිබේ. අපයෝජනයට ලක්වූ බව කියන දැරිය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවදපොලීසිය පවසයි. මේ වනවිට අදාළ දැරිය ගල්කිස්ස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාරයට ගෙන ඇති අතර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

පොලිස් භාරයට පත් දැරිය අධිකරණ වෛද්‍යවරයාට යොමු කිරිමට නියමිත බවත් අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.ගල්කිස්ස මූලස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී.පෙරේරා යන මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කරති.

(ගල්කිස්ස - දිලංගා ගෝමස්)