A-singer-who-sang-in-a-gown-behind-the-list-of-lies-associated-with-the-15-girl

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ  පුද්ගලයන්ගේ යැයි කියමින් නම් ලයිස්තුවක් සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කිරීම හේතුවෙන් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට එම ලැයිස්තුව නිවැරදි එක්ක නොවන බවට විශේෂ ප්‍රකාශයක් කරන්නටද සිදුවිය.


15 හැවිරිදි දැරිය අපයෝජන සංසිද්ධිය මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මවන අතරේ බොර දියේ මාළු බෑමක් ලෙස තමන් අකමැති අයගේ නම් මෙම සිද්ධියට ඈඳමින් සිද්ධිය මුවාවෙන් මඩගැසීම් හා පලිගැනීම්වල නිරතවන බවට විවිධ ආරංචි මේ වනවිට පැතිර තිබේ.

ගවුම් ඇඳන් සිංදු කියන, පිරිමියෙකුත් නොවන ගැහැනියකුත් නොවන පුද්ගලයෙක් මේ පසුපස සිටින බවත්, එම මඩ ගැසිමේ ක්‍රියාවට එරෙහිව තමන් වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් උලපනේ සුමංගල හිමියෝ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දන්වා සිටියහ.
තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී උන්වහන්සේ පෙන්වා දුන්නේ ජනතා ප්‍රශ්න කතාකරන පුද්ගලයන් චූදිතයන් ලෙස නම් කොට ලයිස්තුවක් සකස් කිරීමට මෙම පුද්ගලයා මඩගැසීමට කටයුතු කොට ඇති බවකි. විදේශගත අයෙකු ඇඩ්මින් ලෙස නම්  කර පවත්වා යන වෙබ් අඩවියේ සැබෑ හිමිකරුවන්නේ මෙම පුද්ගලයා බවද උන්වහන්සේ කීහ.
මෙම පුද්ගලයා රාජපක්ෂ කඳවුර නියෝජනය කරන සුරතලකු බවද කියා සිටි උන්වහන්සේ තමන් වහන්සේලා මඩ ගසා විනාශ කළ හැකි චරිත නොවන බවද  කීහ.