කාන්තාවන් ගැවසෙන ස්ථානවල වැඩි වශයෙන් සැරිසරමින් අසහනකාරී ආකාරයට නාන ගෑනුන්ගේ අඟපසග නිරීක්ෂණයට යොමුවුණ බැල්මට් නමින් ප්‍රසිද්ධ වී සිටි පුද්ගලයෙකු මොරටුමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


කාත්තාවන් නාන දෙස හොරෙන් බලනවාට අමතරව නිදන කාමරවලට එබෙන මෙම පුද්ගලයා මත්කුඩුවලට ඇබ්බැහිවී සිටින අයෙකු බවත් මේ හේතුවෙන් සොරකම්වල යෙදෙන බවත් පැවසේ.
රුපියල් හතළිස් දහසක මුදල් සොරකමක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව ලැබුණ ඔත්තු ඔස්සේ පරීක්ෂාකාරීවී මොරටුමුල්ල පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී සැකකරු  ඉදිබැද්ද ප්‍රදේශයේ පදිංචි අවිවාහකයකු බව හෙලිව ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 35,000 සොරා ගනු ලැබූ මුදල් සහ හෙරොයින් මිලිග්‍රෑම් හාරදහස් එකසියසයක් සන්තකයේ තිබී ඇත.ඔහු අධිකව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින බව ප්‍රශ්න කිරීම් වලදී හඳුනාගෙන ඇත. සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.