athula-karunananda-family-dies-caneda-accident

පසුගිය සෙනසුරාදා (19) කැනඩාවේ ඔන්ටාරියෝ හි මිල්ටන්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකික පවුලක් මියගියහ.
 මත්පැන් පානය කළ තරුණයෙකුගේ වේගවත් හා නොසැලකිලිමත් රථ ධාවනය නිසා එම වාහනය  ඔවුන්ගේ වාහනය මැදට වැදී (T-boned ආකාරයේ ) අනතුරක් සිදුව ඇති අතර මෙම අනතුර හේතුවෙන් අනෙක් රථයේ ගමන් කළ අතුල කරුණානන්ද මහතා (තාත්තා), සොමිකැළුම් කරුණානන්ද මහත්මිය (අම්මා) හා ප්‍රදීපා කරුණානන්ද මෙනවිය (දියණිය) එතැනම මියගියේ අවාසනාවන්ත ලෙසිනි.



පාන්දර 12.30 ට පමණ අනතුර සිදුවන අවස්ථාවේ 28 හැවිරිදි තරුණයා කැඩිලැක් සෙඩාන් රථය පදවමින් සිටි බවත් අනතුරින් මියගිය කරුණානන්ද මහතා එස්යූවී වර්ගයේ රථයක් පදවමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
“SUV රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තුන්වැන්නා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඊඑම්එස් ප්‍රවාහනය අතරතුරදී මිය ගියේය” යනුවෙන් පොලිසිය සෙනසුරාදා උදෑසන නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මියගිය අතුල කරුණානන්ද මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ 1982 කණ්ඩායමේ කීර්තිමත් ආදි සිසුවෙකුද විය.
බිරිඳ සොමිකැළුම් විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියකි. දියණිය අනතුර සිදුවන්නට දින 2 කට පෙර හෙදියක ලෙස උපාධිය ලබාගත් අයෙකි.
කරුණානන්ද පවුල අනපේක්ෂිත ලෙස අහිමිවීම එරට මිල්ටන්හි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැඩි කම්පනයට හේතුවී ඇත. ආදාහනය ජූනි 27 ඉරිදා සිදු කරන්නට සූදානම් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඊට සහභාගීවීමට අවසර දී ඇත්තේ 10 දෙනෙකුට පමණි.

අනතුර සම්බන්ධව කැනඩාවේ 'සිටි නිවුස් 'පළ කරන ලද වීඩියෝවක් පහතින්