basil-rajapaksa-ranjith-bandara

 “මේ රටේ ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක් ද? එතුමාට සෑම සුදුසුතමන්ම තිබෙනවා. බැසිල් රාජපක්ෂ හිටියා නම් මේ ආකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරිමට සිදුවන්නේ නැහැ." යැයි පොදුජන පෙරමුර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහනුවරදී ප්‍රකාශ කළේය.කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයේ දිගන අඹකොටේ ජනපදයේ පවුල් 500ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය මලු බෙදා දීමෙන් අනතුරුවලට මාධ්‍යවේදීන් හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් බණ්ඩාර මහතා මෙසේ ද කීය.



“2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න මූලික වුණේ බැසිල් රාජපක්ෂ මහතායි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්න පොදු ජන පෙරමුණ හදලා ටීක කලකින් ආණ්ඩුවකුත් පිහිටුවලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න කටයුතු සංවිධානය කලෙත් බැසිල් මහතාමයි. ඒ සේරම කළා නම් බැසිල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වෙන්න මොන සුදුසුකම ද නැත්තේ? මහනුවර දිස්ත්‍රික්කයේ අසරණ පවුල් සඳහා උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඉන්න මට අවශ්‍ය සියලු සහාය දිසාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරින් විසින් ලබාදෙනවා." “මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාටඨාස 20ක වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු සංවිධාන කරගෙන යනවා” යැයි ද රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන්, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගස්තැන්න, කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජන් අක්මීමන යන මහත්ම මහත්මීහු  ද එම අවස්ථාවට සහභාගි වූහ.
 (ජේ.ඒ.එල්. ජයසිංහ)