covid19-government

අද (21) අලුයම 4.00ට දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (20) මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර අද (21) සෞඛ්‍ය අමාත්‍යංශය එකී මාර්ගෝපදේශ සඳහා තවත් එකතු කිරීම් කිහිපයක් සිදු කර තිබේ.





සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු එම නව නිවේදනය නිකුත් කර ඇත්තේ, බස්නාහිර පළාත තුළ අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොව ආයතන සඳහා සේවකයින් කැඳවීමට අදාළවයි.

✿ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියා අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරින් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතුයි.

✿ අත්‍යාවශ්‍ය නොවන සියලුම රාජ්‍ය ආයතනවල ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු සතියකට උපරිම දින 2 ක් පමණක් සේවා ස්ථානයට කැඳවිය යුතුයි.

✿ එසේ කැඳවිය යුත්තේ එම නිලධාරියාට හෝ සේවකයාට නිවසේ සිට රාජකාරී සිදු කිරීමට නොහැකි නම්, පමණි.

✿ පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් අත්‍යාවශ්‍ය නොවන ආයතන කැදවන සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුයි.

✿ පෞද්ගලික ආයතන ද අවම කාර්ය මණ්ඩලයකින් සේවා සපයා ගත යුතු යි.

✿ පෞද්ගලික ආයතන සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට සේවකයින් උනන්දු කළ යුතුයි.