national-hospital-dead-bodiess

කොළඹ ජාතික රෝහ‍ලේ මෘත ශරීරාගාරය තුළ අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරු 20 ක් පමණ තිබෙන බව රෝහල් බළධාරීන් ප්‍රකාශ කර තිබේ.



මෙම  මළසිරුරු පසුගිය මාස 03 ක පමණ කාලය තුළදී මියගිය පුද්ගලයන්ගේ බවද  රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර ඇත .

එක් කාන්තා මළසිරුරක්ද ඒ අතර වන අතර මෙම මළසිරුරුවල අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රෝහල් බලධාරීන් පවසා ඇත .

මේ පිලිබඳ රෝහල් බලධාරීන් මේ වනවිට  පොලිස් ස්ථානද  දැනුවත් කර තිබෙන බව කියැවේ,

අනන්‍යතාවය තහවුරු කර ගන්නා මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අසමත් වන මළසිරුරු රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කරන බවද  රෝහල් බළධාරීන් සඳහන් කර ඇත .