
එළඹෙන ජුලි මස සිට ඉදිරි කාර්තු 02ක් තුළදී 'ෆයිසර්' කෝවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 05කට අධික ප්‍රමාණයක් (5,000,580) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය.
එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කර සිටියේ, මෙමගින් පුද්ගලයන් විසිපන්ලක්‍ෂ දෙසිය අනූදෙනෙකු එන්නත්කරණයට ලක්වන බවයි. ඒ අනුව ප්‍රථම කාර්තුව වන ජුලි-සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී පුද්ගලයන් 468,000ක් සඳහා 'ෆයිසර්' එන්නත් මාත්‍රා 936,000ක් ලැබීමට නියමිතය.එසේම දෙවැනි කාර්තුව වන ඔක්තෝබර්-දෙසැම්බර් දක්වා වූ කාලය තුළදී පුද්ගලයන් 2,032,290ක් සඳහා තවත් එන්නත් මාත්‍රා 4,064,580ක් ලබාදීමට අදාළ ආයතනය එකඟ වී ඇතැයි සාමානාධිකාරීවරයා ප්‍රකාශ කළේය. මෙම එක් මාත්‍රාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් 6.75ක් වැය කෙරේ.
(නිදර්ශනී වික්‍රමසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval