private-bus

කෙටි ගමන් වාර සඳහා වූ පුද්ගලික බස් රථ ධාවනය හෙට (12) සිට තවත්  50% කින් පමණ අඩු වනු ඇති බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දන්වා තිබේ .


ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත්  බස් රථ ධාවනය 75 %කින් පමණ අඩු වී ඇති බවයි .

දැනට ධාවනය කරන බස් රථවලින් 50%ක් පමණ හෙට සිට අඩුවූ පසු ධාවනය වන බස් රථ ප්‍රමාණය සමස්තයෙන් 12.5%ක් පමණ වනු ඇති බවට ගැමුණු විජේරත්න මහතා විශ්වාසය පළ කළේය.

සංචරණ සිමා පැනවීමත් සමග කෙටි ගමන් වාර සඳහා වූ පුද්ගලික බස් රථවල මගීන් ප්‍රමාණය තවදුරටත් අඩුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

අන්තර් පළාත් බස් රථ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය අනුව සහන දුන්නද එම සහන බලපවත්වන්නේ තුන් දහසක් පමණ වූ අන්තර් පළාත් බස්රථ සංඛ්‍යාවකට පමණක් බව ඔහු සඳහන් කළේය.

දාහත් දහසක් පමණ වූ ඒ ඒ පළාත් තුළ ධාවනය වන කෙටි ගමන් වාර සඳහා වන බස් රථවලට එම සහනය අදාළ නොවන බව ඔහු කීය.